දිවිනැගුම නැවත සමෘද්ධිය බවට නම්කිරීමෙන් ප්‍රතිලාභීන්ට කිසිදු ලාභයක් නොලැබෙන බවත් එහෙත් ඒ හරහා ඇමතිවරයාගේ හිතවතුන්ට ප්‍රතිලාභ ලබාදීමට ඇමති...
දිවිනැගුම නැවත සමෘද්ධිය බවට නම්කිරීමෙන් ප්‍රතිලාභීන්ට කිසිදු ලාභයක් නොලැබෙන බවත් එහෙත් ඒ හරහා ඇමතිවරයාගේ හිතවතුන්ට ප්‍රතිලාභ ලබාදීමට ඇමතිවරයා ක්‍රියා කරමින් සිටින බවත් මද්දුමකලුගේ මහතා පවසයි.
අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අමාත්‍යවරයා ලෙස පත්වූ සැනින් දිවිනැගුම ප්‍රතිලාභීන්ගෙන් අයකර ගන්නා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් 45 සිට 100 දක්වා ඉහළ දැමූ බවත් ඒ හරහා මසකට රුපියල් මිලියන 145 ක් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ එකතු වන බවත් එම සංගමය පෙන්වා දෙයි. ඇමතිවරයාට අරමුදල් සම්බන්ධයෙන් පුදුම කැක්කුමක් ඇති බවත් එහෙත් මෙම අරමුදලෙන් ප්‍රතිලාභීන්ට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද යන්න ගැටලු සහගත බවයි චාමර මද්දුමකලුගේ මහතා පවසන්නේ.
දිවිනැගුම ප්‍රතිලාභීන්ගෙන් මුදල් කපාගන්නා ඇමතිවරයා ප්‍රතිලාභීන්ට හිමිවිය යුතු සුබසාධන පවා කපාහැර තිබෙන බවත්, පසුගිය වසර කිහියක් තිස්සේ දිවිනැගුම ප්‍රතිලභීන්ගේ පවුල්වල සිදුවන මරණ සඳහා ලබාදෙන රුපියල් 10,000 ක දීමනාව ලබාදී නොමැති බවත් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී එම හිඟ මුදල් ලබාදීමට එකඟ වුවද එය පසුගිය අණ්ඩුව සමයේ සිදුවූවක් බැවින් මුදල් ගෙවිය නොහැකි බව දැන් ඇමතිවරයා පවසන බවත් එම සංගමය පෙන්වා දෙයි.
සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=W-YKM3rzBP8&feature=youtu.be[/youtube]
COMMENTS