එම පිරිස සංඛ්‍යාවෙන් 100 ක් පමණ වන අතර ඔවුන් මෙරට රාජ්‍ය සේවකයන් පිරිසකි. එම පිරිස සිංගප්පූරුවට ගොස් ඇත්තේ විනෝද සවාරියක් සඳහාය. මෙම පිර...
එම පිරිස සංඛ්‍යාවෙන් 100 ක් පමණ වන අතර ඔවුන් මෙරට රාජ්‍ය සේවකයන් පිරිසකි. එම පිරිස සිංගප්පූරුවට ගොස් ඇත්තේ විනෝද සවාරියක් සඳහාය.
මෙම පිරිස දුටුවිට කලබලයට පත්වුවද කිසිවක් නොසිදුවූ ආකාරයෙන් ලංකාවට පැමිණි අගමැතිවරයා මෙම විනෝද සවාරිය පිළිබඳව සොයාබලා තිබේ.
මුදල් අමාත්‍යංශය සේවකයන් 100 ක් සිංගප්පූරුවේ සංචාරයක නිරත වන බවට අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවයි වාර්තා වන්නේ. එසේම මෙම සංචාරය සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේ භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා විසිනි.
සාමාන්‍යයෙන් රජයේ සේවකයන්ට රජයේ වියදමින් විදෙස් සංචාර ලබාදෙන්නේ ඒ මගින් රටට යම් ප්‍රතිඵලයක් අත්කර ගැනීමේ අරමුණිනි. එහෙත් මෙම සංචාරයෙන් එවැනි දැනුමක් හෝ අත්දැකීමක් අදාල රාජ්‍ය සේවකයන්ට ලැබුණු බවක් හෝ වාර්තා නොවේ. කෙසේ වෙතත් මේ සඳහා මහජන මුදල් කෝටි ගණනක් වැයවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සංචාරය සඳහ අනුමැතිය ලබාදුන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා සෘජුවම භාණ්ඩාගාර ලේකම්වරයා වගකිව යුතු බවයි වාර්තා වන්නේ.
COMMENTS