දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හමුදාව යුද සමයේ කාන්තාවන් අපයෝජන කළැයි චන්ද්‍රිකා කිව්වෙ නෑලු
Homeගොසිප්

හමුදාව යුද සමයේ කාන්තාවන් අපයෝජන කළැයි චන්ද්‍රිකා කිව්වෙ නෑලු

PropellerAds

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින්, විදේශ මාධ්‍යවේදීන්ගේ සංසඳය (FCA) අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ යුද හමුදාවන්...

මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි.
විජයදාස රාජපක්‍ෂට එජාපයෙන් තර්ජන!
''අපේ බොන්ඩ්ලත් හොරකං කලා. ඒක තමයි ඇත්ත.'' : රන්ජන්.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින්, විදේශ මාධ්‍යවේදීන්ගේ සංසඳය (FCA) අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ යුද හමුදාවන් විසින් උතුරේ කාන්තාවන් ලිංගිකව අපයෝජනයට ලක් කරන බවට කිසි විටෙකත් නොපැවසූ බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) එය පෙන්වා දී තිබේ.

එය පහත දැක්වෙයි,

යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න විසින් නිකුත් කරන ලද 2017 පෙබරවාරි 18 දිනැති නිවේදනයහි දැක්වෙන කරුණු පිළිබඳව,
ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයහි (ONUR) ප්‍රකාශය පහත දැක්වේ.

බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න විසින් නිකුත් කරන ලද උක්ත නිවේදනයේ 2017 පෙබරවාරි 17 වන දින ඉංග්‍රීසි පුවත්පත්වල පළ වූවා යැයි සඳහන් කරමින් "ජාතික සංහිඳියා කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු" විසින් "යුද හමුදාව විසින් ද්‍රවිඩ කාන්තාවන් ලිංගිකව අපයෝජන කරන්නේ යැයි ප්‍රකාශ කර ඇති" බවත්, එය "හමුදාවේ ප්‍රතිරූපයට හා සංහිඳියා පරිශ්‍රමයට බාධාවක්" බවත් පවසා ඇත. එහි තවදුරටත් අතීත සිද්ධීන් කිහිපයක් දක්වමින් "යුද හමුදා සාමාජිකයින් ලිංගික අපචාරයන්ට සම්බන්ධවූ සිදුවීම්වලදී ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව" සනාථ කර ඇති බවත් පවසා සිටී.

ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයහි සභාපතිනිය, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ කොළඹ සිටිනා විදේශ මාධ්‍යවේදීන්ගේ සංසඳය (FCA) අතර පැවති සාකච්ඡාවෙහිදී මතු වූ කරුණු මත මෙම පුවත් වාර්තා කර ඇති බව පෙනේ.

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින්, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න එම නිවේදනයේ සඳහන් කරන ආකාරයේ ප්‍රකාශයක් නොකළ බවත් ශ්‍රී ලංකාවේ යුද හමුදාවන් විසින් උතුරේ කාන්තාවන් ලිංගිකව අපයෝජනයට ලක් කරන බවට කිසි විටෙක පැවසුවේ නැති බවත් පැහැදිලිව අවධාරණය කර සිටිමු.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු විසින් නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රථමයෙන්, ඒ ගැන කරුණු  සොයා නොබලා, හිටපු රාජ්‍ය නායිකාවක් සහ සේනාධිනායිකාවක් මෙවන් ප්‍රකාශයක් කළා යැයි පුවත්පත්වල දුටු බව පැවැසීම පුදුමයට කරුණකි.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය යනු අතිගරු ජනාධිපති සහ සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ විෂය පථය යටතේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ආයතනයකි. පිළිගත් ආචාරධර්ම හා පිළිවෙත් අනුව, හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් කඩිමුඩියේ මෙවන් නිවේදනයක් නිකුත් කිරීමට පෙර, ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයෙන් මේ ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිය හැකිය.

විදේශ මාධ්‍යවේදීන්ගේ සංසඳය සමඟ පැවති සාකච්ඡාවෙහිදී යුක්තිය හා වගවීම පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් තමා සේනාධිනායිකාව ලෙස කටයුතු කරන කාලයේදී, සිවිල් ජනයාට යම්කිසි හිංසනයක් සිදු වූ බවට චෝදනා එල්ල වූ අවස්ථාවන්හිදී ඉතා දැඩි ලෙස හමුදාව තුළ විනය ක්‍රියාත්මක කළ ආකාරයත් එතුළින් කිහිප දෙනෙකුගේ වැරදි ක්‍රියාවන් නිසා මුළු මහත් හමුදාවම අපකීර්තියට ලක් කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබු බවත් ප්‍රකාශ කරන ලදී.

පසුගිය දශකයකට ආසන්න කාලයේ සිදුවීම් ගැන කථා කරමින් ද්‍රවිඩ ජනයා සමග කටයුතු කිරීමේදී තම අත්දැකීම අනුව නම් බහුතරයක් ද්‍රවිඩ ජනතාවට වඩා, අන් සියල්ලටම පෙර යුද අපරාධ අධිකරණයක් වහාම අවශ්‍ය යැයි  ඉල්ලා සිටින්නේ සමහර ඩයස්පෝරා සංවිධාන බවත් පවසා සිටියි.

තවදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය පවසා සිටියේ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයට දැන ගැනීමට ලැබී ඇති පරිදි ලිංගික අපයෝජනයන් ගැන මෙන්ම ලියැවිල්ලක් අත්සන් කිරීමට පවා සමහර නිලධාරීන් යමක් ඉල්ලා සිටින බවත්, සමහර ද්‍රවිඩ නිලධාරීන්, සමහර ග්‍රාම සේවා නිලධාරීන් සහ හමුදාවට සම්බන්ධ සමහර පුද්ගලයින් ගැනත් මෙලෙස තවමත් වාර්තා වන බවත් එවන් සිද්ධීන් ගැන පරීක්ෂණ කර දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් පැවසුවාය.

හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ මෙකී නිවේදනයේ ඇති උපහාසයට ලක් වන කරුණ වන්නේ එහි සඳහන් කර ඇති සිදුවීම් සියල්ලම පාහේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සේනාධිනායිකාව ලෙස කටයුතු කළ 2005 වසර වන තෙක් කාලයේදී, මුළු මහත් හමුදාවම අපකීර්තියට ලක් කිරීමට ඉඩ නොතබා, හමුදාව තුළ විනය ක්‍රියාත්මක කිරීමට ගත් පියවර වීමය.

එසේම 2005 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය තම ජනාධිපති සහ සේනාධිනායක ධූර කාලය අවසන් කිරීමෙන් පසුව වූ වකවානුවේ දී සිවිල් ජනතාවට හිංසාවක් වූ බවට වාර්තා වු කිසිම සිද්ධියක් ගැන කල පරීක්ෂණයන් හෝ එවකට බලධාරීන් විසින් ගත් ක්‍රියාමාර්ගයන් පිළිබඳව හෝ කිසිම සඳහනක් මෙම නිවේදනයේ නොවීම සැලකිය යුතු කරුණකි.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29331,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හමුදාව යුද සමයේ කාන්තාවන් අපයෝජන කළැයි චන්ද්‍රිකා කිව්වෙ නෑලු
හමුදාව යුද සමයේ කාන්තාවන් අපයෝජන කළැයි චන්ද්‍රිකා කිව්වෙ නෑලු
http://ift.tt/2mj723i
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_577.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_577.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy