මාර්ග තදබදය අවම කිරීම සඳහා බස්රථවලට ප්‍රමුඛතා ධාවන තීරු ලබාදීම යටතේ ප්‍රථමයෙන්ම බත්තරමුල්ලේ සිට කොටුව දක්වා මාර්ගයේ එම අවස්ථාව ලබාදීමට සැල...
මාර්ග තදබදය අවම කිරීම සඳහා බස්රථවලට ප්‍රමුඛතා ධාවන තීරු ලබාදීම යටතේ ප්‍රථමයෙන්ම බත්තරමුල්ලේ සිට කොටුව දක්වා මාර්ගයේ එම අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇත.
ඉන් අනතුරුව හයිලෙවෙල් මාර්ගයට, ගාලු පාරට හා ලෝලෙවල් මාර්ගයට මෙම ක්‍රමය හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.
බස්රථවලට ප්‍රමුඛතා ධාවන තීරු ලබාදීම පිළිබඳව සොයාබලා අවශ්‍ය වාර්තා සකස් කිරීමට මේ වනවිට කොරියානු රාජ්‍යයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂඥයන් දෙදෙනෙකු ලංකාවට පැමිණ තිබෙන බවත්, මොවුන් විසින් මේ වනවිට අදාළ කටයුතු ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ.
COMMENTS