දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තහනම ඉවරයි ! ඇපෑල පැරදෙයි !! ට්‍රම්පා බුරයි !!!
Homeවිශේෂ පුවත්

තහනම ඉවරයි ! ඇපෑල පැරදෙයි !! ට්‍රම්පා බුරයි !!!

PropellerAds

ට්‍රම්ප්ට දැන් මේ තීරණය නිසා හොඳටම තරහා ගොස් ඇත. කොහොමටත් මේ අන්තවාදී දේශපාලකයාට තමන්ගේ සිතැඟි, එපරිද්දෙන්ම කියන්නට වචන නැත. ඔහුගේ වාග් ක...

පොලීසියට හා බන්ධනාගාරයට රැදවියන්ට වූ අනතුරෙහි වගකීමෙන් බේරෙන්න බෑ
සයිටම් ප්‍රශ්නයට වගකියන්න ඕනේ මහින්ද රාජපක්ෂ - විජේපාල හෙට්ටිආරච්චි
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය සක්‍රීය කිරීම
තහනම ඉවරයි ! ඇපෑල පැරදෙයි !! ට්‍රම්පා බුරයි !!!
ට්‍රම්ප්ට දැන් මේ තීරණය නිසා හොඳටම තරහා ගොස් ඇත. කොහොමටත් මේ අන්තවාදී දේශපාලකයාට තමන්ගේ සිතැඟි, එපරිද්දෙන්ම කියන්නට වචන නැත. ඔහුගේ වාග් කෝෂය හොඳටම දුර්වල ය. එහි අංජබජල් ස්වභාවය හෙළිවූයේ වරක් දෙවරක් නොවේ. ඉතින් මේ අභියාචනාධිකරණ තීරණය ගැන ඔහු අදහස් දැක්වූයේ “ඒක හරිම දේශපාලනිකයි” කියලා ය.! එපමණක් නොව, ඔහු එයින් තත්පර කිහිපයක් ඇතුළත තර්ජනාත්මක ට්වීට් සටහනක් ද තැබුවේ, ‘උසාවියෙදි මුණගැහෙමු. අපේ රටේ ආරක්ෂාව අනතුරේ” කියලා ය. ("SEE YOU IN COURT, THE SECURITY OF OUR NATION IS AT STAKE!" ) ඇත්තම කතාව ට්‍රම්ප් නිසා දැන් ඇමරිකාවේ ආරක්ෂාව අනතුරේ බව ය. නමුත් ඔහු ඒක කිව්වේ ඔයාකාරයෙනි!!. ඒ ඔහුගේ හැටි ය!!
 
මෙහිදී ට්‍රම්පාගේ ධනයට සහ බලයට එරෙහිව අධිකරණය තුළ හඬ නැංවූයේ වොෂින්ටන් සහ මිනසොටා යන ජනපදවලින් පැමිණ සිටි නීතීඥ කණ්ඩායමක් විසිනි. ඔවුන් එහිදී ඇමරිකානු අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේ මෙබඳු තහනමක් තාවකාලිකව පැනවීමෙන් පවා දැඩි හානියක් සිදුවිය හැකි බව සහ, ආගමික වශයෙන් වෙනස්කොට සැලකීම් මේ නිසා දැඩි ලෙස ඇතිවිය හැකි බවට ය. 
 
ඒ අනුව ඉරානය, ඉරාකය, සෝමාලියාව, සුඩානය, යේමනය සහ සිරියාව යන මෙකී මුස්ලිම් රටවල් හතෙන් කිසිදු පුරවැසියෙක් ඇමරිකානු පොළොව මත ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව සනාථ නොවන බව ද මේ විනිසුරුවරු එක හෙළා කියා සිටියෝය. එසේම එම තීන්දුවේ තවදුරටත් සඳහන් වන්නේ මෙකී නියෝගය ඔය කියන තරම් හදිස්සියේ, එනම් ‘වහාම ක්‍රියාත්මක කිරීමේ’ ද කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. 
 
මේ අනුව, සියැටල් හි ජේම්ස් රොබාට් විනිසුරු විසින් දීප ව්‍යාප්තව වලංගු වන ලෙස ගිය සතියේ ලබාදුන් තාවකාලික තහනම් නියෝගය මෙතැන් පටන් ස්ථිර වේ. එනම් ට්‍රම්ප්ගේ ගෝරනාඩුව පුස්සක් බවට පත් වේ. ග්‍රීන්කාඞ් හෝ වලංගු වීසා ඇති මේ රටවල් හතේ ඕනෑම කෙනෙකුට නිදහසේ ඇමරිකාව වෙත යාම් ඊම් කිරීමේ වරම අද පටන් නැවත හිමි වේ. 
 
සිය තීන්දුවේදී අභියාචනාධිකරණ විනිසුරුවරුන් ත්‍රිත්වය ප්‍රකාශ කර තිබෙන්නේ එකී මුස්ලිම් රටල් හතේ සංචාරකයන්ව, සංක්‍රමණියන්ව, අමුත්තන්ව සහ සරණාගතයන්ව තහනම් නොකිරීම මගින් ‘රටේ ආරක්ෂාව අනතුරේ හෙළෙන බවට’ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සමත් වී නැති බවට ය. අධිකරණ දෙපාර්තමේන්තුව මෙහිදී ගොත ගසමින් කියන්නට උත්සාහ කළේ ජනපති ට්්‍රම්ප්ට මෙබඳු තීරණයක් ගන්නට ව්‍යවස්ථානුකූල බලයක් තිබෙන බව ය. එසේම දේශීය වශයෙන් ඇතිවන ත්‍රස්ත තර්ජනය වැළැක්වීම සඳහා ට්‍රම්පාට ඇති බලයට අධිකරණය අත පෙවිය නොයුතු බව ය. 
 
ට්‍රම්ප් නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ කැණි මඬලට හෙණ ගසන බව අප කීවේ අද ඊයේ නොවේ. දැන් සිදුවෙමින් තිබෙන්නේ එයයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණය වන්නේ මොන්ටෙස්ක්‍යූගේ බලය බෙදාහැරීමේ න්‍යාය හැකිතාක් උපරිමයෙන් ක්‍රියාත්මක වීමයි. එනම්, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වය, එකිනෙකින් හැකිතාක් ස්වායත්තව, නමුත් එකිනෙකාගේ හැසිරීම ‘චෙක් කරමින්’ සහ ‘බැලන්ස් වෙමින්’ ක්‍රියාත්මක වේ ය කියා එයින් අදහස් කරයි. ‘සංවරණ හා තුලන න්‍යාය’ හෙවත් ‘චෙක් ඇන්ඞ් බැලන්ස් න්‍යාය’ කියා කියන්නේ ද මෙයටම ය. කිසිම ශාඛාවකට තමන්ගේ අභිමතය පරිදි ‘පිස්සු කෙළිය නොහැකි බව’ත් හැම කෙනෙක්ම අනෙකාගේ අධීක්ෂණයට ලක්වන බවත්, ඒ නිසි කිසිදු ඒකාධිපතිත්වයක් ආදේශ නොවන බවත් මෙහි සරල අදහසයි. මේ අනුව ට්‍රම්ප්ගේ ක්‍රියාව විග්‍රහ කරන විට පෙනී යන්නේ ට්‍රම්ප්ගේ විධායක නියෝගය තුළ ඔහු විධායක බලය ක්‍රියාවට නංවා, ඇපෑල හෙවත් අභියාචනය පැරදීමෙන් පසු ඔහු දැන් අධිකරණයට ඇඟිලි ගසන්නට හදන බවයි. මේ යන විදියට දිගටම ගියොත්, ඉදිරියේදී ට්‍රම්පා, රටේ අධිකරණයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නට පවා ඉඩ තිබේ. 
 
මේ ඇපෑල තහනමත් සමග අනතුරුව මේ ප්‍රශ්නය යොමුවන්නට නියමිතව තිබෙන්නේ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණට ය. ට්‍රම්ප් මේ ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ගන්නට නීතිමය අවුලක් නැතිව සමත් වුවහොත්, මේ වන විට එහි සාමාජිකයන් කවුද? ජනපති ට්‍රම්ප් මේ වන විට කැස කවමින් සිටින්නේ ‘තමන්ගේ කෙනෙක්’ එතැනට පත්කර ගන්නට ය. ඔහු තමන් වෙත පැවරි ඇති ව්‍යවස්ථානුකූල බලය ප්‍රකාරව ඒ සඳහා නාම යෝජනා ද ලබාදෙමින් සිටී. ඉතින් එතැන ප්‍රශ්නයක් තිබේ. එතැනදී එක්තරා යුගයක ලංකාවේ සිද්ධ වුණා වගේ වැඩ සිද්ධ වෙන්නට ලොකු අවදානමක් ද තිබේ. ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ කාලයේ මේ යුගය හැඳින්වුණෙ ‘ගෙදර යන ගමන්’ යුගය කියා ය. ඒ ගැන පසුබිම් කතා සහ නිධාන කතා රැසක් ඇති නමුත් මේ ඒවා කියන්නට වෙලාව නොවේ. මේ යුගය නීතියේ අර්ථයෙන් චිර ප්‍රසිද්ධියක් උසුළන්නේ ‘නීතිය වල් වැදෙන සේ හිතුමතේ තීන්දු දුන් අවිචාර සමයක්’ ලෙස ය. ලොව පිළිගත් නීති සිද්ධාන්තවලට අනුව, එකම අවස්ථාගත සිද්ධිවලට අදාළව ලබාදිය යුත්තේ සමාන නඩු තීන්දුවකි. එයට නීතියේ බසින් සරලව කියන්නේ අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය කියා ය. නමුත් මේ කියන අවිචාර සමයේ ලංකාවේ සිද්ධ වුණේ හත් පොළේ ගා ගන්නා දේවල් ය. මේ සතියේ එක් නඩු තීන්දුවක් ලබාදී, එයට සර්වසම සිද්ධිමය කරුණු ඊළඟ සතියේ නඩුවක උද්ගත වූ විට මේ කියන රටේ ඉහළම නඩුකාරයා මේ සතියේ එයට ලබාදුන්නේ හාත්පසින්ම වෙනස් තීන්දුවක් ය. ඒ සමහර නඩු තීන්දු ‘පට්ට රැඩිකල්’ කියා මුල් අවස්ථාවේ පෙනී ගියත්, පසුව පෙනී ගියේ නීතිමය විකාර බව ය. ඉතින් ට්‍රම්පාගේ මේ ෆෝබියාකාරී මනස තුළ ඉදිරියේදී සකල ඇමරිකා එක්සත් ජනපද ව්‍යූහයම විකාරයක් බවට පත්විය හැකිය. බලය තුළ ස්වභාවයෙන්ම උමතු ගතියක් තිබේ. උන්මත්තකයන්ට බලය ලැබුණු විට ඒ විකල් ගතිය ඩබල් වන්නේ එනිසා ය.  
 
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තහනම ඉවරයි ! ඇපෑල පැරදෙයි !! ට්‍රම්පා බුරයි !!!
තහනම ඉවරයි ! ඇපෑල පැරදෙයි !! ට්‍රම්පා බුරයි !!!
http://ift.tt/2kWtMrR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_274.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_274.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy