මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගැසට් නිවේදනයක් මඟින් මෙම ආයතනය පිළිගෙන ...
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගැසට් නිවේදනයක් මඟින් මෙම ආයතනය පිළිගෙන නෙවිල් ප්‍රනාන්දු රෝහල පවා ඉදිකිරීමට සහය දුන් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
සුදුසුකම් අඩු අයට පවා සයිටම් ආයතනයට ඇතුළුවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ශිෂ්‍යත්ව ප්‍රදානය කළ බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව සයිටම් ආයතනය පිලිබඳ ස්ථාවර තීරණයක් ගෙන නොමැති බවත් අධිකරණ තීන්දුව හේතුවෙන් මේ වන විට විරෝධය මතුව ඇති බවත් විජයපාල හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය. අද සයිටම් ආයතනයට එරෙහිව කතා කරන අය එදා මහින්ද රාජපක්ෂ මහතා මෙම ආයතනය ගොඩනැගීමට සහය දෙන විට නිහඬව හිදිමින් කුමක් කළේද යන්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=x5-BDR2wWl4&feature=youtu.be[/youtube]
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS