දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” - සුමන්දිරන්

 සිංහල ජනතාව මත අලුත් ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් පැටවීමට තමන් විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ මුල් පෙලේ නායකයා කියා සිටියේ 11 සෙනසුරාදා යාප...

“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” - සුමන්දිරන්

 සිංහල ජනතාව මත අලුත් ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් පැටවීමට තමන් විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ මුල් පෙලේ නායකයා කියා සිටියේ 11 සෙනසුරාදා යාපනයේ සංවිධානය කර තිබූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් අමතමිනි.

 මධ්‍යය සහ පරිධිය අතර සම්බන්ධතා පිළිබඳ  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල අනු කමිටු වාර්තාව ගැන විද්වත් නීතිවේදී මණ්ඩලයක් අදහස් පල කළ සම්මන්ත්‍රණය කැඳවා තිබුනේ ශ්‍රී ලංකා නීතිඥ මණ්ඩලය විසිනි.


ජනමත විචාරණය අනිවාර්යයි

පාර්ලි‌‌මේන්තුව විසින් අනුමත කරනු ලබන අනාගත ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් සම්මත කරගැනීම තම පක්ෂයේ අවශ්‍යතාව බව එහිදී සුමන්දිරන් මන්ත්‍රීවරයා අවධාරණය කොට සිටියේය.

 එසේ නොකළහොත්, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට හිමිවූ ඉරණමම නව ව්‍යවස්ථාවටත් අත් වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

 “එය සිංහල ජනතාවට හැංගි හොරා සකස්කොට ඔවුන් මත බලහත්කාරයෙන් පටවනු ලැබූ එකක් නොවිය යුතුයි,” යනුවෙන් මන්ත්‍රීවරයා දැඩිසේ කියා සිටියේය.

 පිරියම් නොකර ව්‍යවස්ථාවේ මූලික වෙනස්කම් කිරීම සඳහා ජනමත විචාරණයකට යාම අනිවාර්ය බව නීතිවේදියකුද වන ඔහු විසින් පෙන්වා දෙන ලදී.

දකුණේ දේශපාලකයන්ගේ වගකීම

ව්‍යවස්ථාවක අවශ්‍යතාව සිංහල ඡන්ද දායකයන්ට පැහැදිලි කර දී නිසිමග ගෙනයාම දකුණේ දේශපාලන නායකයන්ගේ වගකීම බව පෙන්වා දුන් එම් ඒ සුමන්දිරන් මහතා, ඔවුන් තුල යම් බියක් වේ නම් එය දුරු කරලීම සඳහා තම සහාය පල කොට සිටියේය.

 “බය කියන්නේ මවාගත්තු දෙයක්,” යන්න මන්ත්‍රී වරයාගේ අදහස විය.

 කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය යෝජනා කරන ව්‍යයාමය අසාර්ථක වුවහොත් සිදුවනු ඇත්තේ කුමක්දැයි සම්මන්ත්‍රණයේ තවත් කථිකයකු වූ යාපනය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ප්‍රධානී කුමරවඩිවේල් ගුරුබරන් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම් ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ, ඊළඟ අදියර තීරණය කළ හැකි වන්නේ දෙමළ ජනතාවගේ අවංක භාවය සහ කැපවීම පිලිබඳ ප්‍රශ්න කිරීමට කිසිවකුටත් ඉඩ නොතබා ක්‍රියා කිරීමෙන් පමණක් බවයි.

 “ඊට පෙර බැන අඬ ගසා, කොඩි ඔසවා, තම්මැට්ටම් ගසා මේක නොකෙරෙන තැනට කටයුතු කළේ අපි කියා අනුන්ට කියන්න ඉඩ තැබිය යුතු නෑ,” යි ඔහු සභාව හමුවේ අනතුරු අඟවා සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මෙහෙයවූ සම්මන්ත්‍රණය පේරාදෙණිය සරසවියේ නීති පීඨයේ ආචාර්ය කළණ සේනාරත්න මහතාද ඇමතිය.

(radiogagana)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29539,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” - සුමන්දිරන්
“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” - සුමන්දිරන්
http://ift.tt/2kB9CjS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_140.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_140.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy