දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රැකියා 02ක් කරන නිලධාරියෙක් ගුවන්සේවා අධිකාරියේ...

  එහි පාඨමාලා අධ්‍යක්ෂවරයකු (Course Director) ලෙස බඳවාගත් පුද්ගලයා මේවන විටත් ෆ්ලයි සදර්න් නම් පුද්ගලික ආයතනයේ ගුවන් සුරක්ෂිතතා නිලධාරී ...

රැකියා 02ක් කරන නිලධාරියෙක් ගුවන්සේවා අධිකාරියේ...

 

එහි පාඨමාලා අධ්‍යක්ෂවරයකු (Course Director) ලෙස බඳවාගත් පුද්ගලයා මේවන විටත් ෆ්ලයි සදර්න් නම් පුද්ගලික ආයතනයේ ගුවන් සුරක්ෂිතතා නිලධාරී (Safety Manager) ලෙස තනතුරක් දරමින් සිටී. (ලිපිය අමුණා ඇත) ෆ්ලයි සදර්න් ආයතනය මේ වන විට අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින්ම මෑතකදී අනුමත කළ ආයතනයකි.

සාමාන්‍ය සිවිල් ගුවන්සේවා සම්ප්‍රධායට අනුව අනුමත ගුවන් සමාගමක සුරක්ෂිතතා නිලධාරී (Safety Manager) තනතුර පූර්ණ කාලීන (Full Time) රැකියාවක් වන්නේ ගුවන් යානයක ආරක්ෂාව මෙන්ම නිරුපද්‍රිතතාවය ඉතා ඉහළින්ම සැලකිල්ලට බඳුන්වන නිසාය.

නමුත් මේ සියලු ගුවන්සේවා නීති රීති සම්බන්ධයෙන් රටේ ඉහළින්ම සිටින ආයතනයේ ප්‍රධානියා වන සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සියලු නීති රීති උල්ලංගනය කරමින් ෆ්ලයි සදර්න් පුද්ගලික ආයතනයේ ගුවන් සුරක්ෂිතතා නිලධාරී (Safety Manager) ලෙස කටයුතු කරන ඩන්කන් ජයවර්ධන නැමැත්තාට අධිකාරියට බඳවා ගනිමින් වසරක කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත්තේ ඇත්තේ රුපියල් 120,000 ක වැටුපක් සමගිනි. (ලිපිය අමුණා ඇත).

සතියකට දින 03ක් පාඨමාලා අධ්‍යක්ෂක (Course Director) ලෙස මත්තල පුහුණු සැසි පවත්වන ඩන්කන් තම ප්‍රධාන රාජකාරිය වන සුරක්ෂිතතා නිලධාරී (Safety Manager) රැකියාව කරන්නේ සතියකට දින 02කි. සමිත් අබේගුණවර්ධනගේ ෆ්ලයි සදර්න් ගුවන් සමාගමද අනතුරේ හෙළමින් ඔහු සිදුකරන්නේ රාජ්‍ය නිලධාරීන් මුලා කිරීමක් නොවේද ?

මෙසේ එකවර ආයතන දෙකක පූර්ණ කාලීන රැකියාවන් කළ හැකි ඩන්කන් ජයවර්ධන නැමැත්තා අද්භූත බලවේගයක් සහිත තැනැත්තෙකුද යන්න අධිකාරී සේවකයෝ විමසති. ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තම අතිජාත මිත්‍රයකු වන ඩන්කන් හරහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ කූට ක්‍රියාවක් මේ හරහා සිදුකරන බව අධිකාරී සේවකයින් පවසයි.

තවද ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනට මාසිකව ලබාගන්නා ලක්ෂ 03 ක දීමනාවට අදාළ ගුවන් මෙහෙයුම් නිලධාරී බලපත්‍රය (Flight Dispatcher Licence) 1989 වසරේදී ලබාදී තිබෙන්නේද එවක එයාර්ලංකා හි සේවය කළ ඩන්කන් ජයවර්ධන නැමැත්තා විසිනි. එය හුදෙක් පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් ලද එකක් නොවන අතර එවක ගුවන්සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස අදාළ පාඨමාලාවේ පරීක්ෂා කිරීම් කටයුතු කළ නිසා ගෞරවයක් ලෙස ලබාදුන් එකකි. එයට කෘතගුණ සැලකීමක් ලෙස වයස 70 කට ආසන්න ඩන්කන් ජයවර්ධන දැන් ලක්ෂ ගණනින් මුදල් ගෙවා අධිකාරියේ සේවයට බඳවාගෙන ඇත.

රටේ සිවිල් ගුවන්සේවාවේ සුරක්ෂිතතාවයද සෙල්ලමකට ගනිමින් සහ අදාළ ගුවන්සේවා සමාගමේ ගුවන්යානා වල ගමන්කරන මගී ජීවිත පිළිබඳව හෝ මායිම් නොකරමින් වෙනත් ගුවන් පුහුණු ආයතනයක සේවය කරන පුද්ගලයකු වසරක් සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවයට ගෙන ඇත්තේ තම පටු අරමුණු මුදුන්පත් කරගැනීමට විනා අන් කවර කරුණකටද යන්න පැහැදිලිවී අවසන්ය.

රටේ සමස්ත ගුවන්සේවා කර්මාන්තයම අනතුරේ හෙලමින් පුද්ගලික අරමුණු මුදුන්පත් කර ගැනීමේ නිරතව සිටින සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම්වරයගේ අවධානය වහාම යොමුකොට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගුවන්සේවා අධිකාරියේ සේවකයෝ ඉල්ලා සිටිති.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රැකියා 02ක් කරන නිලධාරියෙක් ගුවන්සේවා අධිකාරියේ...
රැකියා 02ක් කරන නිලධාරියෙක් ගුවන්සේවා අධිකාරියේ...
http://ift.tt/2knsdiu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/02.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/02.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy