දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඔබාමා- ඔබ මහා - විසල් මිනිසෙක් ය!

මේ බරාක් ඔබාමා ය. විසිඑක්වන සියවසේ ලොව පහළ වූ ජනකාන්තම නායකයා ය. අප්‍රිකානු ස්වාහිලි බසින් බරාක් යනු ආශිර්වාද ලද්දා ය. සැබෑවකි, නමුත් ඔහු...

ඔබාමා- ඔබ මහා - විසල් මිනිසෙක් ය!

මේ බරාක් ඔබාමා ය. විසිඑක්වන සියවසේ ලොව පහළ වූ ජනකාන්තම නායකයා ය. අප්‍රිකානු ස්වාහිලි බසින් බරාක් යනු ආශිර්වාද ලද්දා ය. සැබෑවකි, නමුත් ඔහු ආශිර්වාද ලද්දෙක් වූයේ ඔහුට පමණක් නොවේ. මුලු ලෝකයටම ය.

සිය සමුගැන්මේ කතාව පවත්වන්නට ඔහු තෝරාගත් තැන සංකේතීය එකක් විය. ඒ නම් කලු ජාතිකයන්ට සැකෙන් බියෙන් තොරව ජීවත් විය හැකි 'සුරැකි දෙව්ලොවක්' සේ සැලකෙන ඉලිනොයි(ස්) ජනපදයේ චිකාගෝ නුවරයි. ඔහුගේ පණ, මිෂෙල්ගේ පැමිණියේ ද චිකාගෝවේ සවුත් සයිඞ් ප්‍රදේශයෙනි. සැබවින්ම ඔබාමාට අවශ්‍ය වී තිබුණේ පටන් ගත් තැනටම පැමිණ, ඒ ජනතාවටම තුති පුදා ගමන නිම කරන්නට ය. ඔබාමා දැකගන්නට එහි රොදබැඳ සිටි පිරිස දහඅට දහසකි. ඒ සඳහා ප්‍රවේශ පත්‍ර නොමිලයේ ලබා දුන්නද, අන්තර්ජාලය ඔස්සේ ඒවා ඩොලර් දහසක් බැගින් ගෙවා ලබාගන්නට පවා ජනයා උත්සුක වී සිටියහ.

ගබ්සාව නීතිගත කරන ගමන්ම, සමසෙනෙහස් ප්‍රජාවට සැනසුම ගෙන දෙන ගමන්ම, වෛවාහක සමානතාවය නීතියෙන්ම තහවුරු කරන අතරම, ඔහු සිය පවුලට පණ සේ පෙම් බැන්දේය. දියණියන් දෙදෙනා දකින විට ඔහුට සිහිවන්නේ තමන්ගෙන් සමුගත් මව බව ඔහු සිය චරිතාපදානයේ කියා තිබේ. හැමවිටම ඔහු කතා කළේ තමන්ගේ දියණියන් මෙන් ම වූ සකල ඇමරිකාවේ දරුවන් ගැන ය. දැන් වයස  55ක් වන ඔහු, 2008 වසරේදී, ඇමරිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපතිවරයා වශයෙන් ඓතිහාසික ලෙස තේරීපත්වූයේ වෙනසේ බලාපොරොත්තුව සමගිනි.  

''තව හතරක් ඉන්න.. තව හතරක් ඉන්න..'' ඔබාමාගේ කතාව අතරතුර ජනතාව මුරගෑය. එවිට ඔහු, ''මොකක්ද කිව්වේ, තව හයියෙන් කියාපල්ලා'' යැයි පාරම් බා, ගැත්තන් ලවා කොස්ඇට බාවන්නා සේ, ඉන්පසු ජෝ බයිඩන් දෙස හැරී, ''පේනව නේද, මිනිස්සු මාව ඉල්ලන්නෙ.. මිනිස්සු.. මම මේ රට පාවාදෙන්නෙ නෑ..''යනුවෙන් කියමින් කෑදර ලෙස පපුවට ගසාගත්තේ නැත. ඒ වෙනුවට ''නෑ. ඒක කරන්න බෑ'' යනුවෙන් මද සිනාවක් පා සරල ලෙස කීවේය.!!

ඔහු සිය කාල වර්ණ කුසුම වන මිෂෙල් ඔබාමා ගැන පැවසු වදන්වල අනුවාදය මේ ය. ''මිෂෙල් රොබින්සන්, දකුණු දිගින් පැමිණි යුවතිය.., ගතවූ විසිපස් වසර පුරා ඔබ මගේ බිරිඳ සහ මගේ දරුවන්ගේ අම්මා වූවා පමණක් නොවෙයි, ඔබ මගේ හොඳම මිතුරිය ද වුණා. ඔබට උවමනා වී නැති භූමිකාවක් බාරඅරගෙන එය ඔබේම ක්‍රමයකට අලංකාර ලෙස අධිෂ්ඨානයෙන්, ලාලිත්‍යයෙන් සහ රසවත් ලෙස  ඉටු කළා. ධවල මන්දිරය ඔබ හැම කෙනෙකුටම අයිති තැනක් බවට පත් කළා.!!''

ඔබාමාට මෙවිට හැඬෙයි. ළදැඩියෙක් නොවේ, ඔහු.

මේ හැඟීම්බරවීම හැරුණු විට වෙන යම් දුකක් ඔහුට වී නම්, ඒ දුක සකල ඇමරිකාවම අද පෙළෙන -නමුත් සුදු සුප්‍රිමසියට තවම නොදැනෙන අඳුරු අනාගතයයි. ජනවාරි 20 වැනිදා ඔහුගේ පුටුවට එන්නට කෙළ හළාගෙන සිටින ඩොනල්ඞ් ට්‍රම්ප්, මේ වන විටත් පිළිණ දී තිබෙන්නේ ඔබාමා සිදුකළ හොඳ වෙනස්කම් සියල්ල කණපිට හරවන බවට ය. ආර්ථික අසමානතාවය, වාර්ගික බෙදීම් සහ සමාජයේ එකිනෙකට වෙනස් කොට්ඨාස 'පොදු කාරණා පදනම්කරනොගෙන' වෙන් කිරීම වැනි දේ ගැන ඔහු අනතුරු අඟවා සිටියේය. විද්‍යාවට ගරු කරන ලෙසටඔහු කීවේය. දේශගුණික විපර්යාස ගණන් නොගෙන නොසිටින ලෙසට ඔහු කීවේ ඔහු වෙනුවට එන්නට යන ට්‍රම්පා, කන ළඟට හිම දියවෙන තෙක් මේ ප්‍රශ්නයට අසංවේදී බව සාක්ෂි සහිතව මේ වන විටත් පෙන්වා දී තිබෙන නිසා ය. ''ප්‍රජාතන්ත්‍රවාදයට ඔබ ව අවශ්‍යයි2''යැයි ඔබාමා සිය ජනතාවට කීවේ ඒ නිසාය.

ඒ අතරම, පාන්දර දෙකට තුනට ඇහැරී කාට හෝ බැණ වදිමින් ට්වීට්කරන, අන්තර්ජාලයෙන් පිස්සු කෙළින,ලෙහෙසිනේ කෝපයට පත්වන 'හිස් වීරයා'ට හීනියට කනේ පාරක් දෙන්නටත් ඔහු බුද්ධිමත් ලෙස අමතක කර ගත්තේය. ''අන්තර්ජාලයෙන් ආගන්තුකයොත් එක්ක වාද කරලා ඔබට වෙහෙස නම්,  හැබැහින්ම ගිහින් ඔවුන්ව මුණ ගැහෙන්න'' යැයි ඔහු කීවේ එනිසා ය.

උප ජනාධිපති ජෝ බයිඩන් ගැන ඔහු කීවේ ජනාධිපතිකම නිසා ඔහුට සහෝදරයෙක් ලැබුණු බව ය.

සිය කතාව අවසන් කරමින් ඔහු කීවේ ජනාධිපතිවරයා වශයෙන් ඇමරිකානුවන්ගෙන් එක් අවසාන ඉල්ලීමක් කරන්නට තිබෙනා බව ය. ''මම ඔබලාට කියනවා, විශ්වාසය නැති කරගන්න එපා... මම වෙනසක් ගේන බවට නෙවෙයි, ඔබ ඒ වෙනස කරන බවට...!!''

ඔබාමා සැබවින්ම වෙනසක් කළේය. ඔහු කියුබාව සමග සබඳතා යථා තත්වයට පත්කරගන්නට මුලපිරුවේය. ඉරානය න්‍යෂ්ටික වශයෙන් සමනය කළේය. අල්කයිඩාවේ මහ මොළය වූ ඔසාමා බින් ලාඩන්ගේ ගමන නිමා කළේය. තලෙයිබානය, ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත්තේය. ඔහු වැඩ කළේ කොංග්‍රසය විපක්ෂය වශයෙන් සිටියදීය. එහිදී ඔහු කොංග්‍රසය කලින් විසුරවන්ට ගියේ නැත. කොංග්‍රසය කියනා පරිදි රූකඩයක් සේ නැටුවේ ද නැත. නිර්මාණශීලී වෙමින් හැකි හැම දෙයම කරන්නට වෙර දැරුවේය. මිලියන 20ක ජනතාවකට අනර්ඝ සෞඛ්‍ය රක්ෂණයක් ලබාදෙන්නට දිවි හිමියෙන් කැප වුණේය.
 
''ඔව් අපට පුලුවනි. අප එය කළා'' යැයි ඔබාමා කියන විට කිසිවෙක් ඔහුට හූ කියන්නේ නැත්තේ එනිසා ය. තවද මුල් පොරොන්දුවෙන් අට වසක් ගිය තැන පවා, ප්‍රතිවිරුද්ධ රිපබ්ලිකන් පාක්ෂිකයෙක් පවා ඔහුගේ මුහුණට හෝ පිටුපසට, 'වෙනස සැපද?" කියා අද වෙනතෙක් අසන්නේ නැත්තේ ද ඒ නිසා ය.   

සිතට ගන්න. මේ 'කලු මිනිසා' වැනි 'සිත සුදු මිනිසෙක්' තව සියවසකටවත් ඇමරිකාවට පහළ වන්නේ නැත. ඔහුගේ ඡායා පිටපතක් තබා ඡායානුවාදයක්වත් බිහිවන දිනක් නම් අහලකවත් නැත!.

ඔබාමා-ඔබ මහා- විසල් මිනිසෙක් ය-සුපසන් සුවඳක් ය. කලෙකින් ලොව නොදුටු - අසමසම මිනිසෙක් ය.!!

සුබ ගමන්, ඔබාමා!!!

[youtube height="300" width="560" align="left|right|none"]http://youtu.be/udrKnXueTW0[/youtube]

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔබාමා- ඔබ මහා - විසල් මිනිසෙක් ය!
ඔබාමා- ඔබ මහා - විසල් මිනිසෙක් ය!
http://ift.tt/2jjtFTL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_801.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_801.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy