මේ මස 7 වනදා මාගම් පුර වරාය චින සමාගමක් සඳහා ලබා දීමේ කටයතු වෙනුවෙන් මාගම් පුර වරායේ දී පැවැත්වෙන උත්සවයට වැඩම කරවන ලෙසට හම්බන්තොට දිස්ත්...
මේ මස 7 වනදා මාගම් පුර වරාය චින සමාගමක් සඳහා ලබා දීමේ කටයතු වෙනුවෙන් මාගම් පුර වරායේ දී පැවැත්වෙන උත්සවයට වැඩම කරවන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා තමාට ආරාධනා කර ඇති බවත්,රුහුණේ මහා සංඝ රත්නය මෙලෙස මහ පාරට බැස රුහුණ වෙනුවෙන් කරන මෙම කාර්යයට සහාය දිමක් ලෙස එදින උත්සවයට සහභාගි නොවීමට මේ මොහෙතේ දී තීරණය කල බව තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කන්දබඩ පත්තුව හා මාතර හම්බන්තොට දෙදිසාවේ අධිකරණ සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්ම සේන හිමියෝ මෙහි දී සඳහන් කලහ.
7 වැනිදා මාගම්පුර වරායේ දී සිදු කරන උත්සව අවස්ථාවේ දි ඒ සඳහා විරෝධය පල කරමින් සත්‍යග්‍රහයක් පවත්වන අතර එයට ද භික්ෂූන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් රැස්වෙන බවත් එම අවස්ථාවටද තමා ද සහභාගී වන බව තිස්සමහාරාම රජමහා විහාරාධි පති හිමියෝ මෙහිදි සඳහන් කලහ. තිස්සමහාරාම ලුණුගම්හෙහෙර ඒකාබද්ධ භික්ෂු සංවිධානයේ ලේකම් මාගම මහානාම හිමියන් කියා සිටියේ කවර බාධාව ආවත් මේ ගත් වෑයම අත නොහරින බවයි. මහා සංඝ රත්නය හැම විටම ජනතාවට සිදු වන අසාධාරණ වලදි ඉදිරියට යන බවද කිය. වැලිගත්ත රජමහා විහාරාධිපති බැරගම ඤානතිලක හිමියන් කියා සිටියේ නව වසරේ ජනවාරි 1 දා සිට 7 දක්වා හම්බන්තොට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බවයි. හම්බන්තොට ඉඩම් විකිණිමට පමණක් නොව සමස්ත හම්බන්තොට ජනතාව පාවා දෙන මෙම ජාති ද්‍රෝහි ක්‍රියාව සිදු කරන හෙයින් පක්ෂ භේදයෙන් තොරව මෙම විරෝධතාවය සිදු කරන බවද සඳහන් කලහ.
විහාරස්ථාන රැසක භික්ෂූන් සහ ගිහි පිරිස් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS