මතක වන්නිය කෘතිය, උතුරු නැගෙනහිර සිදුවූ සිදුවීම් පිළිබඳ සිංහල සමාජය නොදැන සිටි යථාර්ථය අවබෝධ කිරීමට සමත් කෘතියක් බව ධම්මානන්ද හිමියෝ එහිද...
මතක වන්නිය කෘතිය, උතුරු නැගෙනහිර සිදුවූ සිදුවීම් පිළිබඳ සිංහල සමාජය නොදැන සිටි යථාර්ථය අවබෝධ කිරීමට සමත් කෘතියක් බව ධම්මානන්ද හිමියෝ එහිදී ප්‍රකාශ කළහ. කතුවරයා සිය කෘතියෙන් ප්‍රභූ ඉතිහාසයට ප්‍රතිපක්ෂව උතුරේ සහ නැගෙනහිර මිනිසුන් ගැන, ඔවුන්ගේ ජීවිත හා සම්බන්ධ කතා පුවත ගෙනහැර දක්වන මතක වන්නිය එක්තරා විකල්ප ඉතිහාසයකට යෝජනාවක් ඉදිරිපත් කරන බව උන්වහන්සේ පවසයි.
වන්නියේ ජීවත් වූ, ගැටුම්වලට මැදිවූ ලේඛකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන කරුණාකරන් විසින් රචිත කෘතිය ශිවලිංගම් අනූෂා විසින් මතක වන්නිය නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ. මෙය තරුණ සාහිත්‍යෙව්දිනියක වන අනූෂාගේ පළමු පරිවර්තන කෘතියයි.
මෙම කෘතිය අහස මීඩියා වර්ක්ස් ආයතනයේ ප්‍රකාශනයකි.
කරුණාකරන් සිය කෘතියේ පිදුම සටහන් කරන්නේ මෙලෙසයි
මතක වන්නිය - පිදුම
- යාපනය මුදාගෙන එහි කොඩිය එසැවෙද්දි එතන ඉතිරිව හුන් එකම බල්ලාට...
- තේරුමක් නැති යුද්ධයක් වෙනුවෙන් වසර 30ක් තමන්ගෙ ජීවිත කැප කළ උතුරු දකුණු ශ්‍රී ලාංකික ජනතාවට
- යාපනය නරඹන්න ට්‍රිප් යන ජනතාවට
- යුද්ධයේ පත්තු වුණු හැම උණ්ඩයකටම පිපිරුණු හැම බෝම්බයකටම බට්ටෙකුටම සහ අහිමි වුණු හැම ජීවිතයකටම , ගිලිහුණු හැම කඳුළකටම සුසුමකටම...
මතක වන්නිය - කරුණාකරන්
සේයා රූ / වීඩියෝ - සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=_nBn2w0mi3k&feature=youtu.be[/youtube]
COMMENTS