මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රාජිත අමාත්‍යවරයා පැවසුවේ හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ සුදු අලින් වැනි බවත් ඒවායින් ප්‍රය...
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රාජිත අමාත්‍යවරයා පැවසුවේ හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ සුදු අලින් වැනි බවත් ඒවායින් ප්‍රයෝජනයක් නැතත් ඒවා වෙනුවෙන් විශාල මුදලක් ගෙවිය යුතු බවත් ය. එහෙයින් මේවායින් ප්‍රයෝජන ගැනීම සඳහා ඒ අවට ආයෝජනය කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ඉඩම් බදු දෙනවා මිස විකිණීමක් නොකෙරෙන බවයි. එසේම එමඟින් රැකියා අවස්ථා රැසක්ද බිහිවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතාවන් ගැන අදහස් පළ කරමින් රාජිත සේනාරත්න මහතා පැවසුවේ මේ ආණ්ඩුව තවත් වසරක් බලයේ සිටියහොත් තමන්ගේ පවුලේ අයට හිරේ යන්නට වන බව දන්නා නිසා මහින්ද රාජපක්ෂ මහතා දැන් ආණ්ඩුවේ හැම තීරණයකට ම විරුද්ධ බවයි. එසේම ජනතා විමුක්ති පෙරමුණ ගැන සඳහන් කරමින් ඔහු කීවේ අතීතයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අය දැන් පාර්ලිමේන්තු පැමිණ ඇති බවත් 'නෑ, බෑ, එපා' යන වචන ජවිපෙ ත්‍රිවිධ රත්නය වී ඇති බවත්ය.
ආණ්ඩුව කඩා වැටීමේ අනතුරක් නොමැති බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
COMMENTS