මතු පරපුර වෙනුවෙන් සංගීත අසපුවක් ආරම්භ කරන ලෙස අභාවප‍්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මිය යන්නට පෙර ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීම අනුව එම...
මතු පරපුර වෙනුවෙන් සංගීත අසපුවක් ආරම්භ කරන ලෙස අභාවප‍්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මිය යන්නට පෙර ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීම අනුව එම සංගීත අසපුව ඉදිකිරීම පිළිබඳ මූලික කටයුතු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
අභාවප‍්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් සිදු කරන උපහාරයක් ලෙස ඒ මහතාගේ තුන්මස දානමය පුණ්‍යකර්මයට පෙර මේ පිළිබඳ මූලික කටයුතු ආරම්භ කිරීම පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
යෝජිත අමරදේව සංගීත අසපුව සෞන්දර්ය වටිනාකමකින් යුත් අපේගම පරිශ‍්‍රයේ ස්ථාපිත කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර ඒ සඳහා විශේෂ කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.
එම කමිටුව විසින් ලබන 10 වනදා අදාළ කටයුතු සොයා බැලීමෙන් අනතුරුව 30 වනදා නැවත ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
යෝජිත අමරදේව සංගීත අසපුවට හොරණින් ඉඩමක්
කෙසේ වෙතත් පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව සදහා පාදුක්ක, බණ්ඩාරගම, හොරණ යන ප්‍රදේශවලින් ඉඩම් හදුනාගෙන තිබිණි.
පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් නිරීක්ෂණය කටයුතුද පසුගිය වසරේදී සිදු විය.
අමරදේව මහත්මිය වන විමලා අමරදේව සහ පුතණුවන් වන රංජන අමරදේව විසින් කැමැත්ත පළකළේ කලා අංශයට වැඩි නැඹුරුවක් ඇති හොරණ ප්‍රද්ශයෙන් නිරීක්ෂණය කළ ඉඩමක් සදහාය.
එම ඉඩම හොරණ ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී. හොරණ ඇල්ලකන්ද වත්ත අක්කර 08ක ඉඩම් කොටස ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව නිර්මාණය කිරීමේ කාර්යයට සුදුසු පරිසරික සුන්දරත්වයකින් හා පහසුකම් වලින් සමන්විතව පිහිටා ඇති බවට තෝරාගන්නා ලදී.
එහිදී ඉඩම පරීක්ෂාකිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ, මෙම සත් කාර්යය පිළිබදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ කැමැත්ත හා මඟපෙන්වීම ලැබී තිබීමත් ඒ ආශිර්වාදයෙන් මෙම ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීමේ කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බවත්ය.
එමෙන්ම මෙම තෝරාගත් ඉඩම ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව සදහා ඉතාම සුදුසු පරිසරයක පිහිටා තිබීම නිසා අදාළ කාර්යය ඉතා සාර්ථකව සිදුකිරීමට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
අමරදේවයන්ගේ නමින් ඉදිකෙරෙන සංගීත අසපුව කලාකරුවෙකු බිහිකරන තෝතැන්නක් කිරීම හා කලන නිකේතනයක් ලෙස සියලු අංගවලින් සමන්විතව ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙස ඉදිකිරීමට යෝජිතය.
COMMENTS