ඉන්දීය ආන්ද්‍රා ප‍්‍රදේශයේ භෞතික සමාජයීය සහ මූල්‍ය සංවර්ධනයට මූලිකව කටයුතු කළ වත්මන් අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ශ‍්‍රී නාරා චන්ද...
ඉන්දීය ආන්ද්‍රා ප‍්‍රදේශයේ භෞතික සමාජයීය සහ මූල්‍ය සංවර්ධනයට මූලිකව කටයුතු කළ වත්මන් අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ශ‍්‍රී නාරා චන්ද්‍රබාබු නයිදු මහතා සහ ප‍්‍රාන්ත ඇමතිවරු සිව් දෙනෙකු පෙරේදා (08) මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප‍්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් මුණ ගැසිණ.
විනාඩි 45ක කෙටි සාකච්ඡාවක් තුළ දෙරටට වැදගත් සංවර්ධන කාර්යයන් රැසක් පිළිබඳව දෙපාර්ශවයේ අදහස් හුවමාරු කර ගැනිණ.
එහිදී වත්මන් අන්ද්‍රා ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ‘අමරාවතී’ මහා නගරයේ නාගරික සැලසුම්, විධික‍්‍රම, නව තාක්ෂණික දැනුම සහ අත්දැකීම්, ශ‍්‍රී ලංකාවේ මහානගර වැඩපිළිවෙල සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ලබාදෙන බවට එකගත්වය ප‍්‍රකාශ කෙරිණි.
ශ‍්‍රී ලංකාවේ නව මහනගර හා බස්නාහිර සංවර්ධන සැලසුම පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළ අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය නයිදු මහතා කියා සිටියේ ඉහළ සැලසුම් සහ ශක්‍යතා සිදු කිරීමෙන් අනාගතයේ ඉහළ ප‍්‍රතිලාභ ලබාගත හැකි බවයි. එහි අත්දැකීම් තමන් සතු බවත් රටට සහ මහජනතාව වෙනුවෙන් සිදු කරන සෑම ව්‍යාපෘතියකම ප‍්‍රමිතිය සහ ඵලදායීතාවය වැදගත් බව ද ප‍්‍රධාන අමාත්‍ය නයිදු මහතා සඳහන් කළේ ය.
නුදුරේදී ආරම්භ කිරීමට නියමිත ආන්ද්‍රා ප‍්‍රාදේශයේ නව නාගරික ජනාවාස ඉදිකිරීම වෙනුවෙන් ශ‍්‍රී ලාංකික ආයෝජකයින්ට ද ප‍්‍රධාන අමාත්‍ය චන්ද්‍ර බාබු නයිදු මහතා ඇරයුම් කළේ ය.
පෙරේදා (08) පැවැති “තිරසර යුගයක් - තෙවසර ඇරඹුම” ප‍්‍රධාන උත්සවයේ විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා දිවයිනට පැමිණි ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ශී‍්‍ර චන්ද්‍රබාබු නයිදු මහතා පසුගිය 07 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු විය.
COMMENTS