මෙම ගම්වැසියන් අද වනවිට මුහුණ දී ඇති බරපතලම ප්‍රශ්නය වන්නේ බීමට ජලය සොයාගැනීමට නොහැකිවීමයි. වසර ගණනාවක සිට පවතින මෙම අර්බුදයට විසඳුම් ලබා...
මෙම ගම්වැසියන් අද වනවිට මුහුණ දී ඇති බරපතලම ප්‍රශ්නය වන්නේ බීමට ජලය සොයාගැනීමට නොහැකිවීමයි. වසර ගණනාවක සිට පවතින මෙම අර්බුදයට විසඳුම් ලබාදීමට වගකිවයුතු ආයතන තවමත් සමත් වී නොමැත.
වසර 2007 දී ගම්මානය සඳහා ජලය ලබාදෙන ව්‍යාපෘතියක් පුලිච්චන්කුලම ප්‍රජා මූල සංවිධානය විසින් ආරම්භ කළද ආරම්භ කළ මොහොතේම එම ව්‍යාපෘතිය ජලය හිගවීම හේතුවෙන් නවතා දැමිණි.
ගම්වැසියන් පවසන්නේ බීමට ජලය සොයා සැතපුම් ගණන් යාමට සිදුව ඇති බවයි. ඈත වෙනත් ගම්මානවලට පවා සමහර කාලවලදී යාමට සිදුවන බවත් වසර ගණනාවක සිට තමන් මුහුණ දී ඇති දුෂ්කරතාවය සම්බන්ධයෙන් බලධාරීන්ට කරුණු දැක්වුවද කිසිවකුගෙන් මෙතෙක් පිහිටක් නොලැබුණු බව ගම්වැසියන් පෙන්වා දෙයි.
වසර 25 ක කාලයක සිට ලුණු මිශ්‍ර, මඩ මිශ්‍ර වතුර බීමට පුලිච්චන්කුලම වැසියන්ට සිදුව ඇති අතර මේ නිසා එහි ජනතාව විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී තිබේ. ගම්වැසියන් පෙන්වා දෙන්නේ අනාගත පරපුරේ සනීපාරක්ෂාව වෙනුවෙන් හෝ බීමට සුදුසු ජලය ලබාදීමට කටයුතු කරන ලෙසයි.
පුත්තලම කේ. ප්‍රියංකර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=HLBj5hFOf-4&feature=youtu.be[/youtube]
COMMENTS