දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිට ගහන්න ගිහින් කැබිනට් එකේදී සිරස පච වෙයි.
Homeදේශපාලන

අගමැතිට ගහන්න ගිහින් කැබිනට් එකේදී සිරස පච වෙයි.

PropellerAds

බැඳුම්කර ගණුදෙනුව පදනම් කරගනිමින් සිරස මාධ්‍ය ආයතනය සිය ප්‍රවෘත්ති විකාශයන් හරහා මේ වනවිට ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ලකරමින් හිඳී. ආණ්ඩුව න...

පිළියන්දලට කොවිඩ් රෝහලක් - වෙන් කරන්නේ මේ අයටයි
PCR 400ක් විනාශ කරලා - රෝහලක අමුතු වැඩක් මාට්ටු!
විජේදාස අනාගත සැලැස්ම දිග හරියි: කනත්තෙන් නින්ද යන මිනිහෙක් මම - යක්කුන්ට බය නැහැ

බැඳුම්කර ගණුදෙනුව පදනම් කරගනිමින් සිරස මාධ්‍ය ආයතනය සිය ප්‍රවෘත්ති විකාශයන් හරහා මේ වනවිට ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ලකරමින් හිඳී. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ මඟින් පවත්වන මාධ්‍ය සාකච්ජාවන්හිදී මෙම බැඳුම්කර ගණුදෙනුව පිලිබඳ ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත්වන ප්‍රකාශ ලබාගැනීම සඳහා දැඩි වෙහෙසක් ගන්නා අයුරුද පසුගිය කාලය පුරා දැක ගන්නට ලැබුණි. ඒ ඔවුන් නියෝජනය කරන දේශපාලන ස්ථාවරයයි. ඒ පිලිබඳ අපට පෞද්ගලික එදිරිවාදිකමක් නැත. එයද මෙහිදී සටහන් කළ යුතුය.

සුපුරුදු පරිදි ඊයේ (25) දිනද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද සිරස news 1st මාධ්‍යවේදියා බැඳුම්කර ගණුදෙනුවේ කතානායකයා වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා පිලිබඳ ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ. එම නාලිකාව මගින් විකාශනය කරන ලද පුවතක් පිලිබඳ පෙරේදා (24) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කර තිබුණි. එම නිවේදනයෙන් දක්වා තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍යවරයාගේ විදේශ සංචාරවලට පවා සහභාගිවන බව ඇඟවීමට සිරස news 1st හරහා පැරණි ජායාරූප උපයෝගී කර ගනිමින් ජනතාව නොමඟ යැවීමට උත්සහ දරන බවයි. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට රජයේ කිසිඳු තනතුරක් නොදරන බවට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී නිල ප්‍රකාශයක් කර තිබියදී සිරස මාධ්‍ය ආයතනය ජනතාව නොමඟ යන පරිදි පුවත් පළ කිරීම පාර්ලිමේන්තුවට කරන අපහසයක් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

සිරස ප්‍රවෘත්තිය මඟින් දක්වා සිටියේ පසුගිය සතියේ අගමැතිවරයාගේ ස්විට්සර්ලන්ත චාරිකාවට අර්ජුන් මහේන්ද්‍රන් මහතාද සහභාගිවී ඇති බවයි. මෙම ජායාරූපය පිලිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සිරස මාධ්‍යවේදියා සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සුරිය මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. සිරස මාධ්‍ය ආයතනය පවසන පරිදි එම ජායාරූපය පසුගිය සතියේ අගමැතිවරයාගේ ස්විට්සර්ලන්ත චාරිකාව අතරතුර ගනු ලැබූ ජායාරූපයක් නම් ඒ පිලිබඳ සත්‍ය කරුණු ප්‍රකාශ කරන්නැයි පැවසු විට මාධ්‍යවේදියාට ඊට දීමට පිළිතුරක් නොමැතිවූ හෙයින් ප්‍රශ්න කිරීම වෙනතකට ගැනීමට යම් උත්සහයක් දරා තිබේ.

එහෙත් සිරස  ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත අතේ පත්තුවී තිබේ. සෑම මාධ්‍ය ආයතනයක්ම පවසන පරිදි ඔවුන් නියෝජනය කරන්නේ ජනතාවගේ පාර්ශවයයි. ඔවුනොවුන්ගේ දේශපාලන ස්ථාවරය මත හිඳිමින් ජනතාව වෙනුවෙන් ඇත්ත රටට අනාවරණය කරන බව සෑම මාධ්‍ය ආයතනයක්ම පවසයි. එහෙත් දැන් පෙනෙන්නට ඇත්තේ තමන්ගේ දේශපාලන ස්ථාවරය බලහත්කාරයෙන් ජනතාවට එන්නත් කිරීමට උත්සහ කිරීමය.අද සිරස මාධ්‍ය ආයතනය එය ඇත්තක් බවට සාක්ෂි සහිතව පෙන්වා තිබේ. රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළ බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස මෙලෙස හැසිරීම කොතෙක් දුරට යෝගයද ? ඔවුන් මේ සෙල්ලමකට ගෙන ඇත්තේ නිවැරදි තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය නොවේද ? මේ අතර ඇතැමෙක් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගොඩදමා ගැනීම සඳහා එවැනි ප්‍රවෘත්ති වෙනුවෙන් රෙදි නැතිව පෙනී සිටීමද අද දවසේ ඇති හොඳම විහිළුවයි. අපට සිරස මාධ්‍ය ආයතනය සමඟ ප්‍රශ්නයක් නැත. එහෙත් දේශපාලන හෝ ඔවුන්ගේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් ජනතාව නොමඟ යැවීමට උත්සහ දැරීම ගැන අපට ප්‍රශනයක්  ඇත. මාධ්‍ය සදාචාරයට කොතරම් දුරට ගැළපේද ?

සිරසේ බොරුව අතේ පත්තු වුණ හැටි පහත වීඩීයෝවෙන් නරඹන්න.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිට ගහන්න ගිහින් කැබිනට් එකේදී සිරස පච වෙයි.
අගමැතිට ගහන්න ගිහින් කැබිනට් එකේදී සිරස පච වෙයි.
http://ift.tt/2k5Onts
https://i.ytimg.com/vi/CUax7BGbW-I/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_261.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_261.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy