දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - අවසන් කොටස

එහි මහා කැතරින් අධිරාජිනියගේ ගිම්හාන මාලිගාව ද වෙයි.  පහත පින්තුරයේ ඇති පරිදි රත්රන් ඔබ්බවා  සාදන ලද විශාල  ශාලාවක්  එතුළ ඇත. අපේ කුරාතර්...

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - අවසන් කොටස
එහි මහා කැතරින් අධිරාජිනියගේ ගිම්හාන මාලිගාව ද වෙයි.  පහත පින්තුරයේ ඇති පරිදි රත්රන් ඔබ්බවා  සාදන ලද විශාල  ශාලාවක්  එතුළ ඇත. අපේ කුරාතර් හෙවත් මාලිගාවේ මග පෙන්වන්නිය පැවසුවේ  පුටින් "සිරියානු ප්‍රශ්නය " විසඳුවේ මෙහි බවයි. අප දන්නා පරිදි යුද්ධය අවසන් නැත.  එසේනම් පුටින් විසඳුවේ යයි රුසියානුන් කියන්නේ කුමක්ද ?
 
සාමාන්‍යයෙන්  විදේශික රටවලින් එන නායකයන් විස්මයට  පත් කරවීමට හා තම රටේ විභූතිය පෙන්වීමට ඔවුන් පෞරාණික මාළිගා වලට රැගෙන යාම බ්‍රිතාන්‍යය, රුසියාව වැනි රටවල නායකයන්ගේ සිරිතකි. රුසියාවේ සාර් රජු මෙන් හැසිරෙන  පුටින් මෙහිදී අසාද්  ට කරන ලද බලපෑම නම් රජය අත් නොහරින ලෙසය. අසාද් හා රටේ ආරක්ෂාව රුසියානු හමුදාවලින් කෙලින්ම සලසන්නට ඔහු පොරොන්දු විය. ඔහු උපයෝගී කර ගත්තේ මා  සඳහන් කල 1971 අත්සන් කළ සෝවියට්-සිරියානු ගිවිසුමයි.
 
අසාද් දැන් පත්වුණේ "මග හිටියොත් තෝ නහී. ගෙදර ගියොත් අඹු නහී " තත්වයටය. ඔහුට සිදුවුනේ  එක්කෝ බටහිර බලපෑමට යටත්වී ඉවත්විමටය. නැත්නම් පූටින් ගේ පඹයෙකු වීමටය. ඔහු තෝරා ගත්තේ දෙවැන්නය.
 
මේ අවස්ථාව  වන විට  අයිසිස් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානය ඉරාකයේ කොටසකුත් සිරියාවේ බොහොමයක් ප්‍රදේශත් අල්ලාගෙන තිබුණි. ඔවුන්ට ඇමෙරිකන් හමුදා ඉරාකයේ දමාගිය බොහෝ නවීන ආයුධ ද හිමිව තිබුණු අතර ඉරාක හමුදා මෙන්ම සිරියන් හමුදා ද ඔවුන්ගේ ප්‍රහාර හමුවේ පසුබැස ගියහ. ඔවුන්ට අවශ්‍ය වුයේ අතීතයේ තිබූ ඉස්ලාමික ලෙවන්ට් නමැති රාජ්‍යය නැවත පිහිටවිමටය.  මෙය ගෝලාන්  කඳුකරයේ සිට ග්‍රීසිය දක්වාත් ඊශ්‍රායලයේ, පලස්තීනයේ සිට තුර්කිය දක්වාත් ඉරාකයත් ඇතුළු අති  විශාල ප්‍රදේශයකි.
 
පූටින් ගේ රුසියානු ගුවන් හමුදාවල  උදව්වෙන් දමස්කස් නගරයට එල්ල වුනු ප්‍රහාර මැඩ පවත්වා ගැනීමට හැකිවුණු පසු අසාද් විසින් 2014 දී චන්දයක් පවත්වන  ලදී. මේ චන්දය ඇත්තටම පැවැත්වුනේ අසාද් පාලනය කරන ප්‍රදේශ එනම් ගොඩබිම් වශයෙන් 50% කට අඩු එහෙත් ජනතාව  වැඩියෙන් එක්රැස්  වුනු ප්‍රදේශයකය. ඔහු 80% පමණ චන්දයකින් නැවත තේරී පත් වුවද බටහිර රටවල් මෙම මැතිවරණය  පිලි ගත්තේ නැත.
 
නමුත් බෂාර් අල් - අසාද් ට  පුටින්ගේ සහයෝගය දිගටම ලැබුනේ පුටින්ට හා රුසියාවට, මධ්‍යධරණී මුහුදට ඇති එකම මාර්ගය සිරියාව හරහා වැටී තිබෙන නිසාය.
 
මෙහිදී තවත් යමක් සිදුවුණි. අයිසිස්  සංවිධානය ඉතා අන්තවාදී දරුණුම ගණයේ  එකක් වූ අතර ඔවුහු යාසිඩි නමැති වෙනත් ක්‍රමයක මුස්ලිම් දහමක් අදහන ජනතාව මිත්‍යාදෘෂ්ටික යයි හඳුන්වා ඔවුන් සංහාරය කරමින් ඔවුන්ගේ ගැහැණු දරුවන් (වයස 10 දරුවන් පවා ) ලිංගික වහල් භාවයට ගනිමින් කෘර ලෙස හැසිරුණහ. ඔවුන් කෙරෙහි දැඩි විරෝධයක් බටහිර යුරෝපීය  ජනතාව ගෙන්  එල්ල වුනි. එසේම ඔවුන් කුර්දි වරුද අනුකම්පා විරහිතව මරා දැමුහ. මෙයට තුර්කිය අනියමින් ආධාර කළේය. කුර්දි වරුන්ගේ කෝබේන්  නගරයට ප්‍රහාර එල්ල  කල අයිසිස් නගරය යටත් කර ගැනීමට තැත් කළේය.
ඒ ගැන මා 2014 දී ඉංග්‍රීසියෙන් ලියු ලිපියක් මෙහි ඇත.
 
කුර්දි කම්කරු පක්ෂය මාක්ස් ලෙනින්වාදී සංවිධානයකි. නෙටෝවට අයත් රටක් වූ තුර්කියට පහර දෙන නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ හමුදාව  ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබුණි. එනිසාම මේ සිරියන් යුද්ධයෙදි සිදුවූ අනිත් අපුර්වතම සිදුවීම නම් එක්සත් ජනපදය ප්‍රථමවරට මාක්ස්-ලෙනින්වාදී සංවිධානයකට යුධ ආධාර දීමයි. කෝබේන් නගරය  බේරා  ගැනීමට අයිසිස් ත්‍රස්තවාදීන්ට  නේටෝව විසින් ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. ජනාධිපති  බැරැක් ඔබාමා ගත් එම ඉතා නිවැරදි තීරණය නිසා කෝබෙන් නගරය හා එහි වැසියන් සමුලඝාතනයෙන් බේරුනි.
 
නමුත් නේටෝව අයිසිස් වලට සම්පුර්ණයෙන්ම පහර එල්ල කලේද  නැත. එයට හේතුව ඔවුන් තවමත් සිරියාවට විරුද්ධව පහර දීමයි. මේ අතරතුර "ඉස්ලාමික සහෝදරත්වය සංවිධානය" තනිකරම විසිරී  ගිය අතර ඔවුන් බොහොමයක් "නිදහස සිරියන් හමුදාවටද " හා අයිසිස් වරුන්ට එක්විය. මේ අනුව ඊශ්‍රායලය කලේ හීන් සීරුවේ පූටින්ගේ පැත්ත ගැනීමය. ඔබමා  විසින් ජනාවාස පිහිටවීම නවත්වන්න යයි ඊශ්‍රායලය ට  හා නෙතන්යාහුට  බල කිරීම ද  තවත් හේතුවක් විය.
 
මේ අනුව සිරියන් හමුදා දිගින් දිගටම දිනන්නට විය.  එසේම මියයන සාමාන්‍ය පුරවැසි ගණන ද ඒ හා සමානව වැඩිවිය.  බ්‍රිතානයේ කැමරුන්  ට සහ ඇමෙරිකාවේ ඔබාමා ට හමුදාමය මැදිහත්වීමකට බල කෙරුණි. කැමරන් එම යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය පරාජය විය. (බ්‍රිතාන්‍ය ජනතාව ද මැදිහත් වීමකට විරුද්ධ විය) ඒ අනුව ඔබාමාද හමුදාමය මැදිහත්වීමකට අකමැති විය. එහි එක ප්‍රතිඵලයක් වුයේ දෙපැත්තෙන්ම බැට  කන අති විශාල අනාථයන් සමුහයක් යුරෝපයට ගලා ඒමයි. යුරෝපයේ දේශපාලනය අවුල්වීමට ද එය හේතුවක් විය. මෙහිදී මට ලියන්නට අමතකවූ කරුණක් නම් ජනාධිපති ඔබාමාව  කිසිවකු පැසසුවේ නැතත්  ඇමෙරිකන් හා නේටෝ හමුදා යෙදවූයේ නම් පූටින්ට හෝ සිරියානු හමුදාවට කිසි ලෙසකවත් දිනීමට නොහැකි වන බවය. සිරියාව තව ඇෆ්ඝනිස්ථානයක් වී  ජනාධිපති පූටින්ට අකුලාගෙන යාමට සිදුවනු ඇත.
 
එපමණක් නොවේ. අයිසිස් සංවිධානය යුරෝපය ටද  ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන්නට පටන් ගති. මේනිසා අයිසිස් සංවිධානයට පහර දීමට නෙටෝවට සිදුවිය.  ඇමෙරිකාව කුර්දින්ට සහයෝගය දීම නිසා අමනාප වුනු තුර්කිය, රුසියාව හා ජනාධිපති පූටින් දෙසට හැරුණි. මෙය වැළැක්වීම සඳහා ඔත්තු සේවා මාර්ගයෙන් තුර්කියේ අසාර්ථක කැරැල්ලක් ඇති වුනි.  ඒ අතරම තුර්කිය රුසියන් යානයක් ද බිම හෙළීය. රුසියාව තුර්කියට විරුද්ධව සම්බාධක පැනවීය. බොහෝ තුර්කි ආයතන රුසියාවේ වෙළෙඳාම්  හා ඉදි කිරීම්  කල අතර රුසියානුවන් බොහොමයක් තුර්කියේ සංචාරකයන් ද විය. මේ අදායම් සියල්ල බිඳ වැටුණි.  මේ නිසා රුසියාව සමග සාමයකට ඒමට එර්ඩොගන් යත්න දැරීය.
 
ඇමෙරිකාව හමුදා මැදිහත්වීමක් නොකරන අතර සවුදී අරාබිය යේමනයේ යුද්ධයක පැටලී සිටි. පසුගියදා අලෙප්පෝ නගරය "සිරියානු නිදහස් හමුදාව" අතින් මුදා ගැනීමේ සටන බෂාර් අල් අසාඩ් දියත් කලේ මේ පසුබිම මතය. එයට කෙලින්ම රුසියන් හමුදා සහය ලැබුණි.  සිරියන් හමුදා ජන සංහාරයක් කරතියි බටහිර පුවත්පත් වාර්තා කෙරුවද එවැන්නක්  සිදු වුයේ නැත. රුසියානු හා සිරියන් හමුදා මිනිසුන්ට ඉවත්වීමට කඩින්කඩ සාම  විරාමයන් දියත් කළහ. එම සාම විරාමයට උදව් කලේ පුටින් හා තුර්කියේ එර්ඩොගන්ය. ඒවාට පහර දුන්නේ අනිත් පැත්තේ අල් කයිඩා වැනි සටන්කාමීන් පමණි. අලෙප්පෝ නගරය සිරියන් හමුදා අතින් සාර්ථක ලෙස "මුදා " ගැනුනි. සිරියන් සටන්කාමීන්ට අනුව නගරය නැවත  හිරභාරයට (අසාද් ගේ) පත්විය.  ඒ සඳහා වෙහෙසවුනු තුර්කියේ රුසියානු තානාපතිවරයා අන්තවාදීන් අතින් මරා දැමුණි.
 
නමුත් තුර්කිය හා ඊශ්‍රායලය පුටින් ගේ ගේ පැත්තේ සිටීමත්, ජනාධිපති පූටින් අසාද් ගේ පැත්තේ සිටීමත් හිලරි ක්ලින්ටන් පරාජය වී ට්‍රම්ප් ජය ගැනීමත්  බෂාර් අල් අසාඩ් ට වාසි සහගත වී තිබේ. බොහෝවිට ට්‍රුම්ප් ගේ එක්සත් ජනපදය අත නොගැසීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුනොත් බෂාර් අල් අසාඩ් සිරියන් සිවිල් යුද්ධය රුසියාවේ සහයෙන් අවසන් කරනු ඇත.
 
අයිසිස්  ගරිල්ලන්ට පහර දෙන හිස්බුල්ලා සංවිධානයට ඉරානය ආධාර දෙයි. ඊශ්‍රායලය ට  දැන් මැද පෙරදිග ඇති එකම තර්ජනය ඉරානය පමණි. ඉරානය න්‍යෂ්ටික අවියක් සදහා පරීක්ෂණ කළහොත් ඊශ්‍රායලය පහර දෙනු නියතය. රුසියාව ඉරානයේ සහයට පැමිණීමේ ඉඩකඩ ඉතා අඩුය.  ඊශ්‍රායලයේ රුසියන් බස  කතා කරන සෝවියට් යුදෙව්වන් බොහොමයක් සිටි. ඔවුන් ගේ රුසියාව සමග ඇති සම්බන්ධය දැඩි අතර ඔවුන්ගේ දේශපාලන පක්ෂයට ක්නෙසට් හි බලයක්ද තිබේ.
 
ඊශ්‍රායල කාන්තාවන් අරාබි කාන්තාවන්ට වඩා නිදහසක් භුක්ති විඳිති. ඔවුන්ගේ තරුණියන් ගේ හමුදා ඡායාරුප අන්තර්ජාලයේ ඉතා ජනප්‍රියය. මේවා ඊශ්‍රායල දේශපාලන ප්‍රචාරයන්ය. හමුදාවට බඳවා ගැනීමේ අඩුවක්ද නැත.
 
 ඒ පැත්තෙන්  යුද්ධයක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකිය.
 
 
syria 1

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29540,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - අවසන් කොටස
සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - අවසන් කොටස
http://ift.tt/2iOwN9T
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_209.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_209.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy