දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තනි යායක පිපී සුවඳ දැනෙන මිනිස් නිදහස !

ලොව නවීන ශිෂ්ටාචාරය විසින් සමරිසියන්ගේ අයිතීන් පිළිගැනෙද්දී අපි රටක් ලෙස සුපුරුදු 2500 වසරක අතීත බෙරය වයමින් මිනිස් අයිතියකට එරෙහිව හෝමොෆ...

තනි යායක පිපී සුවඳ දැනෙන මිනිස් නිදහස !
ලොව නවීන ශිෂ්ටාචාරය විසින් සමරිසියන්ගේ අයිතීන් පිළිගැනෙද්දී අපි රටක් ලෙස සුපුරුදු 2500 වසරක අතීත බෙරය වයමින් මිනිස් අයිතියකට එරෙහිව හෝමොෆෝබියානු අකුල් හැකි පමණින් හෙළමින් සිටින්නෙමු. පුද්ගලිකව අප ඊට කැමති වුවද අකැමැති වුවද සමාන ලිංගිකයින් කෙරෙහි ආකර්ශනය වන්නා වූ මිනිස්සු කොටසක් මේ ලෝකය තුළ වාසය කරති. එය හුදෙක් ඔවුන්ගේ හෝර්මෝන ක්‍රියාවලියක් මත පදනම් වූවකි. නීති තිබුණ ද නොතිබුණ ද ඒ මිනිසුන් ද අප මෙන් ම කන බොන අඳින පළඳින සිනාසෙන කතා කරන පිරිසකි. ලිංගික ආකර්ශනයේදී පමණක් බහුතරයට වඩා වෙනස් ලැදියාවක් දක්වන්නා වූ මිනිසුන් පිරිසකි. ජනමාධ්‍ය ආයතනයක් ලෙස මෙන් ම පුද්ගලයින් ලෙස ද අප පෙනී සිටින්නේ අන්න ඒ මිනිසුන්ට මේ සමාජය තුළ අනෙක් මිනිසුන් හා සමානව ම සැලකුම් ලැබීමට ඇති අයිතිය වෙනුවෙනි. 
 
ඇත්ත වශයෙන් ම ගත් කල, "සමලිංගික සේවනය නීතිගත කිරීම සඳහා පනතක්" යන කතාව ම මීට අදාල ද නැත. අප පෙනී සිටින්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 (අ) වගන්තිය ඉවත් කරවීම වෙනුවෙනි. එහි සඳහන් වන්නේ 'තැනැත්තන් දෙදෙනෙකු අතර දැඩි අශිෂ්ට ක්‍රියාවන් සිදු කිරීම වසර දෙකකට නොවැඩි සිර දඬුවම් ලැබිය හැකි වරදක්' ලෙසය. මෙහි 'දැඩි අශිෂ්ට ක්‍රියාව' යනු කුමක්දැයි අර්ථකතනය කර හෝ නොමැත. ඇට නැති දිව මෙන් ම ප්‍රතිපත්තියක් නැති අන්ත පසුගාමී ලංකාවේ නීති පද්ධතිය විසින් ඕනෑම ආකාරයකට අරුත්ගන්වාගෙන සුලූතරයක් මැඬලීම සඳහා භාවිතා කෙරෙන මෙම 'ව්ක්ටෝරියානු සදාචාරවාදී නීතිය' අහෝසි කරවීම වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු. 
 
මිනිස් නිදහසට සීමා පැනවෙන්නේ කවරකු විසින් ද කොතැනකදී ද කොන්දේසි විරහිතව ඊට එරෙහි වීම අපේ ප්‍රතිපත්තියයි. මෙතෙක් අප අසා ගත් 'කොටි, එන්ජීඕ, ඩොලර් පිල්ලි, බෙදුවාදී, අධිරාජ්‍ය ගැති' වැනි සරල නාමයන් බොහෝ පවතින හෙයින් තවත් එකකට අප කොහෙත් ම බය නැත. යුරෝපා සංගමයට වුවමනා වුවද නොවූවද මිනිස් නිදහසට සීමා පනවමින් සුළුතරයක් පෙළනා නීතීන් නීති පොතෙන් මකා දැමීමට අපට වුවමනාය. අපගේ මාධ්‍ය භාවිතාව ඒ වෙනුවෙන් යෙදවීමට අප කොහෙත් ම පැකිළෙන්නේ ද නැත. 
 
පහත ලිපිය අප වෙබ් අඩවියේ මාණ්ඩලික ලේඛිකාවක් විසින් පළ කරන ලද්දකි. එය මෙසේ නැවත පළ කරන්නේ එය එදාටත් වඩා මේ මොහොතේ වැඩි වැඩියෙන් සාකච්ඡාවට බඳුන් විය යුතු හෙයිනි. වෙනස් සංස්කෘතීන්ට ගරු කරන්නට ඉගෙන ගැනීමට පෙර එකම මිනිසුන්ගේ වෙනස් හෝර්මෝන ක්‍රියාකාරීත්වයක් දෙස වපර ඇසින් නොබලා සිටීමට ගනිමු ! සියල්ලට ඉහළින් මිනිස් නිදහස අගයමු !! 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තනි යායක පිපී සුවඳ දැනෙන මිනිස් නිදහස !
තනි යායක පිපී සුවඳ දැනෙන මිනිස් නිදහස !
http://ift.tt/2jmQKoW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_127.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_127.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy