ඉඩම් අක්කර 15000ක් බදු දීමට තීරණයක් ගැනුණේ පසුගිය ආණ්ඩුව පවතී කාලයේ බව පැවසු සේනාරත්න මහතා සඳහන් කළේ ඉදිරියේදී රාජපක්ෂ පවුලට උදාවන තත්ත්ව...
ඉඩම් අක්කර 15000ක් බදු දීමට තීරණයක් ගැනුණේ පසුගිය ආණ්ඩුව පවතී කාලයේ බව පැවසු සේනාරත්න මහතා සඳහන් කළේ ඉදිරියේදී රාජපක්ෂ පවුලට උදාවන තත්ත්වය මත පදනම් වෙමින් 2017දී ආණ්ඩුව ගෙදර යවන බවට රාජපක්ෂ මහතා ප්‍රකාශ නිකුත් කරන බවයි.
හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් බදු දීමට ආණ්ඩුව ගෙන ඇති තිරණය පිලිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට වරාය සුදු අලීන් බවත් ඒවායින් ප්‍රයෝජනයක් නොගත්තත් ණය ගෙවීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.කෙසේ වෙතත් එළඹෙන 07 වැනි දින හම්බන්තොට වරාය චීන සමාගමට පවරන බවත් බදු පදනමින් අක්කර 15000ක් ආයෝජනය සඳහා ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වත්මන් ආණ්ඩුවේ පවත්නා ප්‍රතිවිරෝධතා හේතුවෙන් ඉදිරියේදී ආණ්ඩුව කඩාවැටීමකට ලක්වේවිදැයි මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුවේ යම් සෙලවීමක් පැවතියත් කඩාවැටීමක් නොවන බවයි.
මේ අතර යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පරික්ෂා කිරීම සඳහා වන අධිකරණ ක්‍රියාවලියට විදෙස් විනිසුරන් සම්බන්ධ නොවන බවද සේනාරත්න මහතා පැවසීය.ඒ,සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ නිර්දේශ පිලිබඳ අදහස් දක්වමිනි.එම නිර්දේශයට අනුව අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා එක් විදෙස් විනිසුරුවරයෙකු හෝ අසුන්ගතයුතු බව සඳහන් කර ඇත.කෙසේවෙතත් ඕනෑම අයෙකුට යෝජනා ඉදිරිපත් කළ හැකි නමුත් ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
බොදු බල සේනා සංවිධානයට තමන් සහය දුන් බවට හිටපු ජනාධිපතිවරයා කර තිබෙන ප්‍රකාශයටද ඇමතිවරයා පිළිතුරු බැන්දේය.බේරුවල ගිනිතැබීමට ක්‍රියා කලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට සහය දුන් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දුව පිළිබඳවද තමන්ට ප්‍රශ්නයක් පවතින බව රාජිත සේනාරත්න මහතා පැවසීය.නඩු තීන්දුවට අනුව පැහැදිලි වන්නේ රවිරාජ් මහතාම තමන්ට වෙඩි තබාගෙන ආරක්ෂකයාටත් වෙඩි තබා ඇති බවයි හෙතෙම කියා සිටියේ
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=6XGYH9YgehM&feature=youtu.be[/youtube]
COMMENTS