මේ අතර සිමා නිර්ණය වාර්තාව මෙම මස 31 වැනි දිනට ප්‍රථම ගැසට් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බවත් පැවති තාක්ෂණික දෝෂ මත යම් ප්...
මේ අතර සිමා නිර්ණය වාර්තාව මෙම මස 31 වැනි දිනට ප්‍රථම ගැසට් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බවත් පැවති තාක්ෂණික දෝෂ මත යම් ප්‍රමාදයක් සිදුව ඇති බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. අශෝක පීරිස් මහතා පත්කළේ සීමා නිර්ණය කිරීමට පමණක් බව පැවසු අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණ පැවැත්වීම පිලිබඳ අශෝක පීරිස් මහතාට තීරණ ගැනීමට නොහැකි බවයි.
හොරණ ටයර් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් මතුව තිබෙන විවාදාත්මක තත්ත්වයටද හෙතෙම පිළිතුරු දුන්නේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ටයර් ව්‍යාපෘතියට ආයෝජනය කළ තැනැත්තා පිලිබඳ අගමැතිවරයා දැන ගත්තේ ඊට මුල්ගල් තැබූ දින බවයි. කෙසේ වෙතත් මේ වනවිට එම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් අක්කරයක් රුපියල් 100 ලබාදීමට ජනාධිපතිවරයාටද නොහැකි බවයි.
එමෙන්ම ජී.එස්.පී. ප්ලස් සහන ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුව රටට අහිතකර කොන්දේසිවලට එකඟ වී ඇති බවට හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේ හිටපු ජනාධිපතිවරයාට කිරීමට නොහැකි වූ දේ යහපාලන ආණ්ඩුව කර පෙන්වීම නිසා හිටපු ජනාධිපතිවරයා එය විවේචනය කරමින් හිදින බවයි.
ආශිකා බ්‍රාහ්මණ
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=qJIv5pmGWCQ&feature=youtu.be[/youtube]
COMMENTS