තහනම් නියෝගය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ බලප්‍රදේශය තුළ දින 14කට බල පැවැත්වෙන වෙන පරිදි උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් තහනම් කරමින් හ...
තහනම් නියෝගය
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ බලප්‍රදේශය තුළ දින 14කට බල පැවැත්වෙන වෙන පරිදි උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් පසුගිය 6 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබුණේ පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය. භික්ෂූන්ගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරෙණ මෙම විරෝධතාවය නිසා ප්‍රදේශය මහජන සාමය කඩවිය හැකි බවට පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණි. ඒඅනුව භික්ෂූන් නව නමකට ද හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබිණි.
පහත් තැනින් යයි ගලා ජලේ
එහෙත් මෙතෙක් ලද ආරංචි වලට අනුව කිසිදු ප්‍රබල දේශපාලනඥයකු අත් අඩංගුවට ගෙන නොමැත. නාමල් රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම වතුර නාගෙන සිටින ඡායාරූප මාධ්‍ය ඔස්සේ පළ වුව ද ඔවුන් අත් අඩංගුවට ගැනෙන්නේ ද නැත. සිදුවන්නේ කාගේ හෝ කීමකට මඟට බැස 'චිත්ත ධෛර්යය' වැඩි වී ගල් ගැසූ කොහේවත් යන බත් ගොට්ටන් රෑනක් දින ගණනකට බන්ධනාගාර ගතවන එක විතරය. අනෙත් අතට එදා මල් තිය තියා වැඳි පොලිස් විශේෂ කාර්ය බලකාය අද උද්ඝෝෂණ විසිරුවා හැරීමට එවන විට ගල් ගසන්නේ 'රණවිරු උපහාරයේ' කොයි කොටසට අනුවදැයි රාජපක්ෂලාගෙන් ද ඇසිය යුතුව ඇත. අනෙත් අතට නාමල් රාජපක්ෂලා, ඩලස් අලහප්පෙරුමලා වතුර නාද්දී ඇල් වතුරත් නිවලා බොන ගම්මන්පිල සුදෝ සුදුවතින් සැරසී අපූරුවට හිනැහෙමින් සිටින්නේ කවුරුන් කාව කඩේ යවන්නේදැයි සිතාගත නොහැකි තරමට තත්වය සංකීර්ණ කරවමිනි.
කලකදි රහලු කලකදි වහ වෙනවාලු
එදා මැදමුලන වලව්වත් කාල්ටන් බංගලාවත් හැරුණු කොට රටේ ඕනෑම ඉඩමක් චීනුන්ට සින්නක්කර ම ලියා දෙන්නට වුව සැදී පැහැදී සිටි රාජපක්ෂ පාලනය, එදා මේ ඉඩම් අක්කර 15,000 මෙසේම චීනයට පවරා දෙන්නට පොරොන්දු වී සිටි රාජපක්ෂ පාලනය අද බලයෙන් ගිලිහී බිම ඇද වැටුණු පසුව හදිසියේ මේ ඩෙඟා නටන්නේ චීනුන්ට එරෙහිවද ? කොහෙත්ම නැත. නාස්තිය, දූෂණය සහ ඥාති සංග්‍රහය ඉහවහා ගිය චීනය ද වඩා කැමති රාජපක්ෂ පන්නයේ පාලකයින්ට මය. මේ සියල්ල හුදෙක් බලය වෙනුවෙන් වන එකම නාටකයක කොටස් පමණි.
COMMENTS