මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (SAITM) පාඨමාලාව සම්පූර්ණ කළ සිසුවියන් දෙදෙනකු වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බ...
වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයට
එරෙහිව එකී සිසුවියන් දෙදෙනා ගොනු කළ රිට් පෙත්සමෙහි තීන්දුව අද (31) උදේ අභියාචනාධිකරණය
ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා ප්‍රමුඛ අභියාචනාධිකරණ විනිශ්චය
මණ්ඩලයක් හමුවේ මෙම
පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින ලද්දේ තමන් නියමිත පාඨමාලාව සම්පූර්ණ කොට ඇති
බැවින් වෛද්‍යවරුන් ලෙස තමන් ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රිට් ආඥාවක් මගින්
නියෝග කරන ලෙසය.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයක් කර සිටියේ මාලබේ පෞද්ගලික
අධ්‍යාපන ආයතනය වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් ආරම්භ කොට නොමැති බවත් පසුව එහි වෛද්‍ය
පාඨමාලාවක් ආරම්භ කොට ඇතත් වෛද්‍යවරයකු වශයෙන් පිළිගැනීමට ප්‍රමාණවත් විධිමත් පුහුණුවක් එම
ආයතනය තුළින් ලබා නොදීම හේතුවෙන් එමගින් පාඨමාලා සම්පූර්ණ කරන්නවුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි
කළ නොහැකි බවය.
දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ සියලු කරුණු විශ්‍ලේෂණයෙන් අනතුරුව නඩු තීන්දුව අද දිනට ප්‍රකාශ කරන
බැව් අභියාචනාධිකරණය විසින් පසුගිය නඩු දිනයේදී දෙපාර්ශ්වයට දැනුම් දෙනු ලැබිය.
(කමල් මහේන්ද්‍ර වීරරත්න)
COMMENTS