දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

‘ආවා ගෘෘප්‘ හැදුවේ ගෝඨාභයමයි - රාජිත

'ආවා ගෲප් කල්ලිය ගොඩනැගුවේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව යලි  පවසන ඇමති රාජිත සේනාරත්න මහතා, ත්‍රස්තවාදය වැළක...



'ආවා ගෲප් කල්ලිය ගොඩනැගුවේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව යලි  පවසන ඇමති රාජිත සේනාරත්න මහතා, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නොව අළුතින් නීතී සකසා හෝ ඊට සම්බන්ධවුවන්ට අත් අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබාදෙන බව අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා ඊයේ (20) එබව සඳහන් කලේ වවුනියාවේ සිදු කළ සංවර්ධන කටයුතු කීපයක් විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.


ආවා - සැඟවුණු අරමුණු :


2015 වර්ෂයේ උතුරේ ඡන්ද මංකොල්ලකෑම ඇතුළු තවත් අවශ්‍යතා කීපයක් වෙනුවෙන් යාපනයේ ''ආවා ගෲප්'' කල්ලිය නිර්මාණය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

එහිදී ඔහු ආවා කල්ලිය නිර්මාණය කිරීමේ අරමුණු කිහිපයක් මෙසේ හෙළි කළේය.

“ඒගොල්ලො මංකොල්ල කෑවත්,  ත්‍රස්තවාදය කරත්, දෙකම එකයිනේ. මේ රටේ මිනිස්සුන්ටනේ මේකෙන් පාඩුව තියෙන්නේ. ඉතිං මොන නීතියක් යටතේ හරි දැඩි දඬුවම් දෙන්න ඕනේ. නැත්තන් නීතී හොයලා හරි කරන්න ඕනේ. ඒක පළවෙනි ප්‍රශ්ණය. 2ක මේක අද මංකොල්ල කෑවට නන්නත්තාර වෙලා , එදා ඕක හැදුවේ වෙනත් වෙනත් බලාපොරොත්තු සහගතව.

විශේෂයෙන්ම 2015 මැතිවරණයේදී උතුරේ ඡන්ද මංකොල්ල කන්නත් එක්ක තමයි මේවා හැදුවේ. නමුත් ඒවා ඔක්කොම අසාර්ථක වුණා පහුගිය කාලේදී.

ඒවා හදපු කට්ටිය අපි දන්නවා හොඳටම නම් ගම් එක්ක. ඒ පිළිබඳව සියළු වාර්තා තියෙනවා, අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරපු පරීක්ෂණ වාර්තා. ඒ සියළු දේවල් එක්ක අපි වගකීමෙන් කියන්නේ ඕවායේ නිර්මාතෘවරු තමයි ඔය අද කතාකරන්නේ ආරක්ෂාව නැහැයි කියලා”.

ආරක්ෂාව බින්දේ මහින්දලමයි :


උතුරු පළාත ඇතුළුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් ඇති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මන්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ එම ආරක්ෂාව බිඳ දමන ලද්දේ එවැනි ප්‍රකාශ කරණ පිරිසම බවයි.

උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් එහෙයින් රජය වහා ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවටත්, නැතහොත් යළි රට තුළ ගැටලූකාරී තත්වයක් ඇතිවිය හැකි බවටත් ගාල්ලේ පැවති උත්සවයකදී විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ සඳහන් කළේය.


එකම කුමන්ත්‍රණයක කොටස්කරුවන් :


“එහෙම සෑහීමකට පත්වෙන්න බැරිනම් , ඒ තත්ත්වයන් උදාකළේ ඒ අයම තමයි. ඒ අයත්, එදා හිටපු ආරක්ෂක ලේකම්වරුත් වගකියන්න ඕනේ. මම පැහැදිලිවම කියනවා ඔය නොයෙකුත් කල්ලි මේ පළාත්වල සන්නද්ධ කල්ලි හැදීමට මූලිකත්වය දැරුවේ ඔය කියන කට්ටියම තමයි.

ඔය අද ආරක්ෂාව නැහැ කියලා. ඒ කල්ලි යොදවමින් තමයි, මේ අද ඒ ප්‍රකාශ නිකුත් කරන්නේ. මේ එකම කුමන්ත්‍රණයක කොටස්කරුවන්.''

මේ අය පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.




COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29542,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ආවා ගෘෘප්‘ හැදුවේ ගෝඨාභයමයි - රාජිත
‘ආවා ගෘෘප්‘ හැදුවේ ගෝඨාභයමයි - රාජිත
http://ift.tt/2fiGyNR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_969.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_969.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy