දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෑම දෙයකටම ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ - විග්නේෂ්වරන්
Homeප්‍රවෘත්ති

සෑම දෙයකටම ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ - විග්නේෂ්වරන්

PropellerAds

උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන අතර ඒවාට රජය ලබාදෙන විසඳුම් ද පිළිගත හැකි ඒවා නොවන බැවින් ඉ...

ගොටාභය රාජපක්‍ෂ ජනාධිපති බවට පත් කර ගනී… උතුරේ අන්තවාදය පරදමින් දකුණ පුරා මිලියන ගණනක පොහොට්ටු පිිපේ
සජිත් සුලග අවසන්.. ගම්පහ 325000කින්, කොළඹ 175000කින්, ගාල්ල 248000කින්, මාතර 225000කින් ගෝටා දිනුම්..
pojujana peramuna
සෑම දෙයකටම ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ - විග්නේෂ්වරන්

උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන අතර ඒවාට රජය ලබාදෙන විසඳුම් ද පිළිගත හැකි ඒවා නොවන බැවින් ඉදිරියේදී සිදුවන සෑම කටයුත්තකටම අන්තර් ජාතික මට්ටමේ මැදිහත්වීමක් අවශයය බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) සවස එක්සත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජ්‍ය ඇමතිනී ඒන්ලි බැරන්වරිය හමුවූ අවස්ථාවේදීය.

ඇය ඊයේ යාපනයේ සංචාරයක නිරත වූ අතර එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවී පැය කිහිපයක කාලයක් උතුරේ වත්මන් තත්ත්වය පිළිබදව සාකච්ඡා පැවැත්වීය.

එදා සිට යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත්‍රණය තුළ සිදුවන දේ පිළිගැනීමට සියළුම දෙනා එකඟ නොවන නිසා බව ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන විට අනිවාර්යෙන්ම විදේශීය විනිසුරුවරුන්ගෙන් මෙන්ම අන්තර් ජාතික මට්ටමේ අධීක්ෂණයකින් යුතුව සිදුවිය යුතු බව තමන් යළිත් අවධාරණය කරන බවද ඔහු මෙහිදී ඒ මහත්මියට ප්‍රකාශ කොට සිටියේය.

යුද්ධයෙන් ස්වාමියන් අහිමිව මේ වනවිට වැන්දඹුභාවයට පත් උතුරු -  නැගෙනහිර පළාත්වල සිටින 30,000ක් පමණ වූ කාන්තාවන්ට නිසි රැකවරණයක් හා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීමට යම් වැඩපිළිවෙලක් සකස් වියයුතු බව ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ඒන්ලි බැරන්වරිය ප්‍රකාශ කළේ උතුරේ වල දැමූ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඉදිරි වසර 03 ඇතුළත බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් ලක්ෂ 12ක මූල්‍ය ආධාර ලබාදෙන බවයි.

එම ආධාර මුදල පසුගිය වසරේ මොල්ටාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ප්‍රකාශයට පත් කරන ලද පවුම් ලක්ෂ 66ක අරමුදලෙන් එක් කොටසකි.

යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙලට සහන සලසනුවස් බිම් බෝම්බ ඉවත් කිරීමේ බ්‍රිතාන්‍ය පුණ්‍යායතනයක් වන 'HALO Trust' සංවිධානය වෙත එම අරමුදල් ලබාදෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ ව්‍යාපෘතිය මගින් උතුරේ වැසියන් 40,000කගේ පමණ ජීවන තත්ත්වය නඟා සිටුවීම සිය බලාපොරොත්තුව බව 'HALO Trust' සංවිධානය පවසයි.

යාපනය සංචාරය අතරතුර  'HALO Trust' සංවිධානයේ වැඩ කටයුතු නිරීක්ෂණය කළ ඒන්ලි බැරන්වරිය නැවත පදිංචි වැසියන්ගේ පවුල්හි ජනතාව ද හමුවී තිබේ.ෙ

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෑම දෙයකටම ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ - විග්නේෂ්වරන්
සෑම දෙයකටම ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ - විග්නේෂ්වරන්
http://ift.tt/2fVQE8L
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_544.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_544.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy