ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් 32 දෙනෙකු අයි.එස්.අයි.එස් සංවිධානය හා සම්බන්ධ වී ඇති බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු...
ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් 32 දෙනෙකු අයි.එස්.අයි.එස් සංවිධානය හා සම්බන්ධ වී ඇති බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප‍්‍රකාශය පිළිබඳ ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය අප‍්‍රසාදය පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති එන් එම් අමීන් මහතා පෙන්වාදෙන්නේ මෙය මහජනතාව නොමග යවන සුළු ප‍්‍රකාශයක් බවයි.
අයි.එස් සටන්කාමීන් හා සටන් වදිමින් සිටි අතරතුර පසුගිය වසරේදී ලාංකිකයෙකු මියගිය බවට මාධ්‍ය වාර්තා පළව තිබූ බව එහි සඳහන්ය.
ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය අවධාරණය කරන්නේ ඉන් පසුව මේ දක්වා අයි.එස් සංවිධානය හා ලාංකිකයන් අතර සබඳතා පිළිබඳ කිසිදු තහවුරු කළ හැකි නිල සාක්ෂියක් ලැබී නැති බවයි.
අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට අයි.එස් සටන්කාමීන් හා සම්බන්ධ වී ඇතැයි කියන පවුල්වල සාමාජිකයන් පිළිබඳ තොරතුරු ලබාදීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය හා ජමෙයතුල් උලමා සංවිධානය බුද්ධි අංශවලට පූර්ණ සහය පළ කල බවද එම නිවේදනයේ දැක්වෙයි.
විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය හේතුවෙන් ජාතිවාදීන්ට අනුබල ලැබෙන බවද එම කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් මහතා පෙන්වාදෙයි.
එබැවින් මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසද ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය රජයෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS