ලොවපුරා සිටින ජනතාවගේ අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය කරමින් රිපබ්ලිකන් පක්ෂ...
ලොවපුරා සිටින ජනතාවගේ අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.
ඒ, අමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමට ලබාගත යුතු ඡන්ද විද්‍යාල 270ක බලය සපුරාගනිමිනි.
අමෙරිකාවේ මැතිවරණය පැවැති ප්‍රාන්ත 50න් මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනූව ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද කොට්ඨාස 276ක් ජයගෙන ඇති අතර හිලරි ක්ලින්ටන්ට ජය ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.
අමෙරිකානු ප්‍රාන්ත 50 වෙසෙන ජනතාව ප්‍රකාශ කර ඇති ඡන්ද සංඛ්‍යාව අනූව එක් එක් ප්‍රාන්තයෙන් එක් එක් අපේක්ෂකයාට හිමිවන ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව මත පදනම්ව ජයග්‍රහණය තීරණය කරනු ලැබේ.
ඒ අනූව ප්‍රාන්ත 50හේ සම්පූර්ණ ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව එසේත් නැතිනම්, ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 538ක් වන අතර ජයග්‍රහණය සඳහා අපේක්ෂකයෙකු ලබාගත යුතු ඡන්ද විද්‍යාල සංඛ්‍යාව අමෙරිකානු මැතිවරණ ක්‍රමයට අනූව 270කි.
එලෙස බැලූ විට හිලරි ක්ලින්ටන් අභිබවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ඡන්ද කොට්ඨාස 276ක ජයග්‍රහණය තහවුරු කරගෙන තිබේ.
මෙම ජයග්‍රහණයත් සමග අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා බවට පත්වීමට ට්‍රම්ප්ට අවස්ථාව ලැබී ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනපතිනිය වූ පළමු කාන්තාව බවට පත්වීමට තිබූ අවස්ථාවද හිලරිට අහිමිවිය.
මේ අතර ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන සුබපතමින් හිලරි ක්ලින්ටන් ඔහුට සුබපැතුම් එක් කළාය.
එමෙන්ම අද දිනයේ අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් නව ජනාධිපතිවරයා කියාසිටියේ සියලුදෙනාගේම ජාතික බලාපොරොත්තු සමග හැකි ඉක්මනින් වැඩකිරීමට එක්වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
තමන් සියලුම අමෙරිකානුවන්ගේ ජනාධිපති ලෙස කටයුතු කරන බවත් තමාගේ ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් විසින් දිගු කාලීනව රටට කළ සේවයට ස්තූතිය පළකරන බවත් ඔහු එහිදී පැවසීය.
COMMENTS