දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආණ්ඩුව මාධ්‍ය මර්දනයක

ජනතාවගේ අවධානය අයවැය හා ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි යොමු වී තිබෙන අතරතුර ආණ්ඩුව දැවැන්ත මාධ්‍ය මර්ධනයක් දියත් කර ඇත. පසුගිය සිකුරාදා ජනමාධ්‍ය...



ජනතාවගේ අවධානය අයවැය හා ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි යොමු වී තිබෙන අතරතුර ආණ්ඩුව දැවැන්ත මාධ්‍ය මර්ධනයක් දියත් කර ඇත. පසුගිය සිකුරාදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර විකාශනය කිරීම සම්බන්ධයෙන් ‘තවත් ඉදිරි පියවර ගැනීමට පෙර’ කරුණු දක්වන්නැයි දෙරණ රූපවාහිනි නාලිකාවට නියෝග කර ඇත. ඉකුත් ඔක්තෝබර් 25 වන දා මෙම නිලධාරියාම ජනාධිපතිරයාගේ මේ කතාව විකෘති කිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්වෙන බව දෙරණ නාලිකාවට ලිඛිතව දැනුම් දී තිබුණි.


මෙහිදී විකෘති කරන ලද කතාව වශයෙන් අදහස් වන්නේ CID, FCID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍ර‍කට අනුව වැඩකරන බවත්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හා හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකු උසාවියට ‘දක්කාගෙන’ ගිය ආකාරය තමා අනුමත නොකර බවත් කියමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍ර‍වනාගාරයේ උත්සවයකදී ඔක්තෝබර් 12 වන දින කල කතාවය.

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ මුල් ලිපිය ලැබූ දිනට පසු දිනම එනම් ඔක්තෝබර් 26 වැනිදා දෙරණ නාලිකාව පිළිතුරු ලියමින් පවසා සිටියේ ලෝකයේ ඕනෑම රටක ප්‍ර‍වෘත්ති විකාශනයකදී විනාඩි 30 ක හෝ 45 ක කතාවකින් විකාශනය වන්නේ විනාඩි 01ක් හෝ 02ක් බවත් ඔවුන් එදා විකාශනය කල කථාවේ කොටස එදිනම ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක අන්තර්ගතය සමගද සම්පූණයෙන්ම ගැලපෙන බවයි. මෙවන් කරුණු දැක්වීමක් කර තිබියදීත්, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නැවත වතාවක් දෙරණ නාලිකාවෙන් නිදහසට කරුණු විමසා ඇත.

දෙරණ නාලිකාවට මේ සම්බන්ධයෙන් මුල් ලිපිය යැවූ දිනයේම, එනම් ඔක්තෝබර් 25 වැනි දා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා CSN නාලිකාවටද ඔවුන්ගේ විකාශන බලපත්‍ර‍ අහෝසි කරමින් ලිපියක් නිකුත් කර තිබුණි. එම ලිපියේ CSN නාලිකාවට එල්ල කර තිබූ චෝදනා තුන වූයේ ජනමාධ්‍ය අමාත්‍යංශයට නොදන්වා ආයතනයේ ලිපිනය වෙනස් කිරීම, එහි අධ්‍යක්‍ෂ වරුන් දේශපාලන පක්‍ෂකයක සාමාජිකයන් වීම හා නාලිකාවේ වාර්ෂික ගිණුම් සෑම වසරකම ජනවාරි 14 වෙනි දාට පෙර අමාත්‍යංශයට ලබා නොදීම යන්නයි. ආරම්භයේ සිටම තම ලිපිනය වෙනස්කොට නැති බවත්, තම වර්ථමාන හෝ අතීත අධ්‍යක්‍ෂවරුන් කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් නොවන බවත්, කිසිම මාධ්‍ය ආයතනයක් තම වාර්ෂික ගිණුම් වාර්ථා මාධ්‍ය අමාත්‍යංශයට ලබා නොදෙන බවත් කියමින් CSN නාලිකාව මේ සියළුම චෝදනා ප්‍ර‍තික්‍ෂේප කර ඇත. මේ කිසිම චෝදනාවක් රූපවාහිනී නාලිකාවක විකාශන බලපත්‍ර‍ය අහෝසි කිරීමට තරම් බරපතල නොවන බව ඕනෑම කෙනෙකුට වැටහේ. 

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා CSN නාලිකාවට එවන ලද ලිපියේ එම ආයතනයට විරුද්ධව විමර්ශණයක් කර ඇති බවට සදහන් වුවද, තම ආයතනයේ කිසිදු අධ්‍යක්‍ෂකවරයෙකු හෝ සේවකයෙකු එවන් විමර්ශනයකට කැදවා නැති බව CSN නාලිකාව මාධ්‍යයට පවසා ඇත.

මීට ටික කලකට පෙර ආණ්ඩුවේ අණ පරිදි විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ‘ලංකා නිවුස් වෙබ් ටුඩේ’ නැමති ආණ්ඩුව පිළිබද විවේචනාත්මක අදහස් පල කල වෙබ් අඩවිය තහනම් කරන ලදී. ආණ්ඩුව පිළිබද විවේචනාත්මක අදහස් තම පුද්ගලික ෆේස්බුක් පිටුවල ප්‍ර‍කාශ කරන තරුණයන් ගණනාවක් මේ පාලකයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත. එක් අවස්ථාවකදී තම ෆේස්බුක් ගිණුමේ ජනාධිපතිවරයාට විරුද්ධව මරණ තර්ජන කරා යැයි කියා පිටරට සිට ආපසු එන තරුණයෙකු ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට ගනු ලැබිණි. ජනාධිපතිවරයාව විවේචනය කරමින් තම ෆේස්බුක් ගිණුමේ අදහස් ප්‍ර‍කාශ කරා යැයි කියා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කල අය අතර දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළද වෙයි.



මේ සියල්ල කරනු ලබන්නේ ආණ්ඩුවට අවාසිදායක පුවත් මාධ්‍ය හරහා පලවීම වැලැක්වීමටත් තම පුද්ගලික ෆේස්බුක් පිටවේ වුවද ආණ්ඩුව ගැන විවේචනාත්මක අදහසක් පල කිරීමට මැලිවන තැනට මේ රටේ තරුණ තරුණියන් බිය වැද්දවීමටයි. අගමැතිවරයා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නම් කරමින් ප්‍ර‍සිද්ධියේ තර්ජනය කරන හැටි මුළු රටම දැක ඇත. දෙරණ නාලිකාවටත් CSN නාලිකාවටත් ගෙන තිබෙන පියවර වලින් මෙම තර්ජන දැන් ක්‍රියාත්මක වන බව අපට පෙනේ. පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට පැමිණ සිටියදී මාධ්‍ය තම පාලනය යටතට ගැනීමේ වැදගත්කම අගමැතිවරයා නැවත වතාවක් අවධාරණය කල අකාරය මුළු රටම දුටුවේය.

මාධ්‍ය මර්ධනය දැන් ආණ්ඩුවේ ප්‍රධාන ප්‍ර‍තිපත්තියක් බවට පත් වී ඇත. ආණ්ඩු විරෝධී උද්ගෝශනයක් නැති දවසක් අද නැත. ආණ්ඩුව දිගින් දිගමට කල් දමා ඇති පලාත් පාලන ආයතන ඡන්දය නොපවත්වන්නේ ද පරාජයට ඇති බිය නිසාය. මොවුන් මාධ්‍ය බිය වද්දා මෙල්ල කර ගැනීමට උත්සාහ දරන්නේ රටේ සිදුවන දේවල් ජනතාවට දැනගැනීම වැලැක්වීමටය. මේ ආකාරයට මාධ්‍ය මර්ධය කොට ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ ඉතුරු නෂ්ඨාවශේෂයත් සුණුවිසුණු කිරීමට ගෙන යන මේ දුෂ්ඨ වැඩපිළිවෙල අපි හෙළා දකිමු.



COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29542,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව මාධ්‍ය මර්දනයක
ආණ්ඩුව මාධ්‍ය මර්දනයක
http://ift.tt/2gcGDBK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_105.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_105.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy