ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීම් ඇති බවක් පෙනෙන්නට ඇති බවත් ඒ පිළිබඳව තමා අතිශය කණගාටුවට පත්වන බවත් හිටපු අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න මහතා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීම් ඇති බවක් පෙනෙන්නට ඇති බවත් ඒ පිළිබඳව තමා අතිශය කණගාටුවට පත්වන බවත් හිටපු අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (17) මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණි අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ , "මම බොහෝම කණගාටු වෙනවා මේ විදියේ බෙදීමක් ඇතිවීම සම්බන්ධව. මම ප්‍රාර්ථනා කරනවා ඔක්කෝම එකතු වෙලා, එකම පක්ෂයක් හැටියට යමින් මේ රට පාලනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට සියළුම දේශපාලන පක්ෂ නායකයින්ට හැකිවේවා කියලා" යනුවෙනි.
වීඩියෝව පහතින්.
COMMENTS