එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (26) පැවැත්වේ. එහි ඡන්ද විමසීමද අද පස්වරුවේ සිදුකිරී...
එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (26) පැවැත්වේ.
එහි ඡන්ද විමසීමද අද පස්වරුවේ සිදුකිරීමට නියමිත බව සඳහන්ය.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්විය.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 04ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහි තීරණය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයා වෙත දැනුම් දී තිබුණි.
මේ අතර අද දිනයේත් ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරුන්ට පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්ය කර තිබේ.
COMMENTS