රස කැවිලි නිෂ්පාදන සඳහා ද වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුවී ...
රස කැවිලි නිෂ්පාදන සඳහා ද වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුවී තිබේ.
පසුගියදා ලංකා රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී කියාසිටියේය.
පසුගිය අගෝස්තු මස 01 වැනිදා පැණි බීම සඳහා ද වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දුන් අතර එහිදී පැණි බීම බෝතල්වල වර්ණ සංකේත සඳහන් කිරීම ගැසට් පත්‍රයක් මගින් අනිවාර්ය කෙරුණි.
මෙම සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කේක්, බූන්දි, බිස්කට් වර්ග ඇතුළු සියළුම රසකැවිලි සඳහා වර්ණ සංකේත ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.
ඊට අදාළ නීති රීති ඉදිරියේදී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන බවත් ඒ පිළිබඳව කිසියම් හෝ ගැටළුවක් තිබේ නම් ආහාර උපදේශන සභාවේ දී සාකච්ඡා කිරීමට ඉඩ ලබාදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් රැසක් එක්ව සිටියේය.
COMMENTS