දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

එන්.ජී.ඕවලට ඕන විදියට ජාතික ආරක්ෂාව හැසිරවීමට සූදානම් නෑ - ජනපති

ආබාධිත වූ සියලුම රණවිරුවන්ට සිය මාසික වැටුප විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ජීවිත කාලය පුරා අඛණ්ඩව ලබාදීමට රජය ප‍්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇති බ...

එන්.ජී.ඕවලට ඕන විදියට ජාතික ආරක්ෂාව හැසිරවීමට සූදානම් නෑ - ජනපති

ආබාධිත වූ සියලුම රණවිරුවන්ට සිය මාසික වැටුප විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ජීවිත කාලය පුරා අඛණ්ඩව ලබාදීමට රජය ප‍්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති වීර පදක්කම් සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.

මෙම යෝජනාව පිළිබඳ පසුගිය වසරේ රජය තීරණයකට එළැඹ ඒ පිළිබඳ යෝජනාව 2017 අය වැය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඇතැම් පිරිස්වල වුවමනාවන් මත උද්ඝෝෂණ ව්‍යාපාර පවා දියත් කෙරුණු බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කුමන විවේචන, අපවාද එල්ලවූව ද රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ තමා අනුගමනය කරන ප‍්‍රතිපත්තිය අබමල් පියල්ලකින්වත් වෙනස් නොකරන බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා ති‍්‍රවිධ හමුදාවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් ඔවුන් ශක්තිමත් කිරීමට මෙන්ම යුදබිමේ සටන් කළ වීරෝදාර රණවිරුවාගේ ගෞරවය ආරක්ෂා කිරීමට සැමදා කැපවී සිටින බව ද කියා සිටියේය.

මාතෘ භූමියේ ඉදිරි ගමන පිළිබඳ අවබෝධයක් නොමැති මෙන්ම රටේ ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවකට ලක් කරන පිරිස් විසින් සිදුකරන්නා වූ අවස්ථාවාදී කි‍්‍රයාවලින් රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමා තුළ පසුබෑමක් ඇති කළ නොහැකි බව ද ජනාධිපතිවරයා  ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ඇතැම් රාජ්‍ය නොවන ආයතනවලට අවශ්‍ය ලෙස රටේ ජාතික ආරක්ෂාව හැසිරවීමට තමා සූදානම් නැති බවද ජනාධිපතිවරයා  අවධාරණය කළේය.

යුදමය ලෙස පරාජය වුවද මතවාදී ලෙස පරාජය නොවූ රටින් පිට සිට කිසිදා ඉටුකරගත නොහැකි අපේක්ෂාවන් පිළිබඳ සිහින මවන පිරිස් අන්තර්ජාතික වශයෙන් පරාජය කිරීමට වඩාත් මිත‍්‍රශීලි සහ සුහදශීලි ජාත්‍යන්තර ප‍්‍රතිපත්තිය තුළ කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ස්වකීය ජීවිතයට ද ආත්මාරක්ෂාවට ද සිදුවිය හැකි උපද්‍රව පිළිබඳ නොතකා සිය සගයන්ගේ ජීවිතාරක්ෂාව නොහොත් සිය බළකායේ කාර්ය අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා සකී‍්‍රය සේවා කාලය තුළ ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණපාමින් වික‍්‍රමාන්විත වූද, අභිත භාවය ප‍්‍රදර්ශනය කෙරෙන්නා වූද කි‍්‍රයාවන්හි නිරතවූ යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි ස්ථීර සහ ස්වේච්ඡා බලසේනාවල නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට පරම වීර විභූෂණය, වීරෝධාර විභූෂණය, වීර වික‍්‍රම විභූෂණය, රණ වික‍්‍රම සහ රණ ශූර පදක්කම් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29575,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එන්.ජී.ඕවලට ඕන විදියට ජාතික ආරක්ෂාව හැසිරවීමට සූදානම් නෑ - ජනපති
එන්.ජී.ඕවලට ඕන විදියට ජාතික ආරක්ෂාව හැසිරවීමට සූදානම් නෑ - ජනපති
http://ift.tt/2dScTan
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_647.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_647.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy