මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2005 සිට ලබාගෙන තිබෙන රුපියල් කෝටි 42,300 ක ණය මුදල වෙනුවෙන් සහනයක් සැලසීමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් විශේෂ අවධානය ය...
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2005 සිට ලබාගෙන තිබෙන රුපියල් කෝටි 42,300 ක ණය මුදල වෙනුවෙන් සහනයක් සැලසීමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඒ පිළිබඳ කරුණු සොයා බැලීමට ලෝක බැංකුව සහ විදේශීය රටවල් ගණනාවක් රජයට එකඟ වී තිබේ.
මේ එකඟතාව පළ වී ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු, ජර්මානු සහ ප්‍රංශ තානාපතිවරු සහ ලෝක බැංකු අධ්‍යක්ෂිකාව සමඟ අඟහරුවාදා (27) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසය.
ඒ අනුව මේ ණය ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ කපා හැරිය හැකිද, ඒ ණය පියවීම සඳහා වැඩිපුර කාලයක් ලබා දිය හැකිද, නැතිනම් ඊට අමතර යම් සහනයක් ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් කරුණු සොයා බැලේ.
මෙහි දී ඉදිරි අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.
COMMENTS