රෝගී තත්ව හේතුවෙන් බන්ධනාගාරයෙන් පිටත රෝහල් සඳහා ඇතුළත් කරන සියලු රැඳවියන්ගේ පාදවලට විලංගු දැමීමට පියවර ගෙන ඇතැයි පුවත් ආරංචි මාර්ග සඳහන්...
රෝගී තත්ව හේතුවෙන් බන්ධනාගාරයෙන් පිටත රෝහල් සඳහා ඇතුළත් කරන සියලු රැඳවියන්ගේ පාදවලට විලංගු දැමීමට පියවර ගෙන ඇතැයි පුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ද මෙම නීතිය අදාළවනු ඇති බව යි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වෛද්‍ය නිර්දේශයකින් තොරව එම විලංගු ඉවත් කිරීමට පියවර නොගන්නා බව ද සඳහන්.
රෝහල් ගතකරන සිරකරුවන් බොහෝ පිරිසක් පැනයාම නිසා මේ පියවර ගන්නා බව පැවසේ.
පසුගිය වසරේ මෙසේ පැනගොස් ඇති රැඳවියන් ගණන 154ක්වන බව යි වාර්තා වන්නේ.
COMMENTS