දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ බැංකුවේ කෝටි ගණනක මුදල් වංචාවක් !
Homeදේශපාලන

මහ බැංකුවේ කෝටි ගණනක මුදල් වංචාවක් !

PropellerAds

2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ මෙරටට ලබාගැනීම සඳහා 2011 වසරේදී මහ බැංකුව යටතේ පෞද්ගලික සමාගමක් පිහිටුවා, ඒ හර...

පුද්ගලික බස් රථ මැරයින් ලංගම බස් රථයකට පහර දෙයි (PHOTOS)
කිරිපිටි ගැන තීරණයක්! කැබිනට් මණ්ඩලයෙන් දැනුම් දීමක්
තත්ත්වය දරා ගන්න බැහැ! රට වහන්න යැයි ඉල්ලීමක්



2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ මෙරටට ලබාගැනීම සඳහා 2011 වසරේදී මහ බැංකුව යටතේ පෞද්ගලික සමාගමක් පිහිටුවා, ඒ හරහා කෝටි 100කට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධව මේ වන විට විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇත.

මහ බැංකුවේ කාර්යය මෙරට රජයේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම වුවත් මේ කාර්යය පසෙක තබා, පෞද්ගලික සමාගමක් හරහා මුදල් එකතු කිරීම සම්බන්ධව විශාල සැක මතුව ඇත. CWG – Hambanthota 2008 (pvt) Ltd නම් වූ මේ ආයතනයට රුපියල් මිලියන 690 ක් ලැබී ඇති බව මේ වන විට පැහැදිලිව ‍ වී තිබේ.

එසේම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පමණක් රුපියල් මිලියන 100ක් ලබාදී ඇති අතර, ටෙලිකොම් සමාගමත් වාණිජ බැංකු රැසක් ද මේ සඳහා විශේෂ මුදල් ප්‍රතිපාදන සපයා ඇත.

මේ අතර සමාගමට ලැබුණ මිලියන 25ක් ගිණුමේ තැන්පත් නොකර වංචා කර ඇති බව ද මේ වනවිට හෙළිවීමෙන් පවතී.

කෝටි ගණන් මුදල් ලැබුණ මේ සමාගමේ ගිණු‍ෙම් මේ වනවිට ඉතිරිව ඇත්තේ රුපියල් 245/= ක් බවත් හෙළි වී ඇත.

මුදල්  හා ලිංගික අල්ලස් 

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ 2018 වසරදී මෙරට පැවැත්වීමට කෝටි 1000 කට අධික මුදලක් වැයවන අතර ඒ සඳහා සාමාජික රටවල් කැමැති කර ගැනීමට 2011 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සෙන්ට් කීට්ස් හි ප්‍රවර්ධන වැඩසටහන් පවත්වා ඇති අතර ඒ සඳහා 115 දෙනකු සහභාගි වී ඇත.

එහිදී පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිතයන්ට මුදල් අල්ලස් හා ලිංගික අල්ලස් ද ලබාදී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධව අප මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් රජයට අයත් CWG Hambantota 2018 (Pvt) Ltd යන සමාග‍මක් ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ය.

අදාළ ප්‍රවර්ධන කාර්යභාරය සංවිධානය කිරීම සඳහා සංවිධායක කමිටුව ඉහළ පෙළේ පුද්ගලයන් රාශියක් සම්බන්ධවූ බවත් ඔහු පවසයි.

අදාළ සමාගමේ සියලු මූල්‍ය කටයුතු නිසි ආකාරයට පවත්වාගෙන යනු ලැබූ අතර, සමාගමේ ගිණුම් වරලත් ගණකාධිකාරි ආයතනයක් වන KPMG සමාගම මඟින් විගණනය කළ බව ද කබ්රාල් මහතා පවසයි.

CWG Hambantota 2018 (Pvt) Ltd සමාගමේ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළා යයි ද සොයා බැලීමට පරීක්ෂණයක් මේ වනවිට දියත්වී ඇති නිසා ඒ සඳහා උපරිම සහය ද ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පවසයි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29439,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ බැංකුවේ කෝටි ගණනක මුදල් වංචාවක් !
මහ බැංකුවේ කෝටි ගණනක මුදල් වංචාවක් !
http://ift.tt/2dCkNdY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_374.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_374.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy