අද (06) අලුයම රත්මලාන ප්‍රදේශයේ පිහිටි රථවාහන සේවා මධ්‍යස්ථානයක් අසල ඇති ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. දෙහිවල - ගල්කිස්ස ගිනි නිවීමේ ඒක...
අද (06) අලුයම රත්මලාන ප්‍රදේශයේ පිහිටි රථවාහන සේවා මධ්‍යස්ථානයක් අසල ඇති ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.
දෙහිවල - ගල්කිස්ස ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීම් රථ 02ක් එම ස්ථාන යොමුකර ඇති බවයි.
මේ වනවිටත් අදාළ මධ්‍යස්ථානයේ වාහන පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයේ ගින්න පැතිර යමින් පවතින බව වාර්තා වේ.
මේ හේතුවෙන් ගින්න පාලනය තරමක් අපහසු වී ඇතැයි දෙහිවල - ගල්කිස්ස ගිනි නිවීම් ඒකකය ප්‍රකාශ කරයි.
COMMENTS