අගවිනිසුරුවරයාගේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වා...
අගවිනිසුරුවරයාගේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.
එම යෝජනා අනුව ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ වැටුප 100%කට අධික ප්‍රමාණයකින් ඉහළ යාමට නියමිත අතර මෙම වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනාව ලබන 28 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම නව යෝජනාව අනුව අගවිනිසුරුවරයාගේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ, අභියාචනාධිකරණ සභාපතිවරයාගේ හා අභියානාධිකරණ විනිසුරුවරුන්ගේ ආරම්භක වැටුප 100%කින් පමණ ප්‍රමාණයකින් වැඩි වනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108.1 වගන්තිය යටතේ මෙම විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම පාර්ලිමේන්තු අනුමැතියෙන් සිදුවිය යුතු අතර ඊට අදාළව වැටුප් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS