පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමද වාර්තාවක් කැඳවා තිබේ. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සි...
පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමද වාර්තාවක් කැඳවා තිබේ.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරන හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස් මහතාට ඒ සඳහා උපදෙස් ලබා දී ඇති බව පොලිස් කොමිසම පැවසීය.
ඒ අනුව එම වාර්තාව ලැබුණු පසු කොමිසමට එය ඉදිරිපත් කර ඉදිරි පියවර තීරණය කිරීමට නියමිත බව එම කොමිසම සඳහන් කළේය.
හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙකු වී මළු කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේ වෙතත් එම තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව දින 07ක් ගතව ඇතත් ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.
COMMENTS