ලසන්ත විකුමතුංගගේ දේහය ගොඩගැනීම මැද ඩ්‍රෝනයක් ඇවිත් කලබලයක් බොරැල්ල කනත්තේ මිහිදන් කර තිබුණ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ග...
ලසන්ත විකුමතුංගගේ දේහය ගොඩගැනීම මැද
ඩ්‍රෝනයක් ඇවිත් කලබලයක්
බොරැල්ල කනත්තේ මිහිදන් කර තිබුණ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු අද දහවල් සිදුකරන අතරවාරයේ ඒ ආසන්නයට යාමට හෝ කනත්තට ඇතුළුවීමට පොලිසිය මාධ්‍යයට ඉඩ දුන්නේ නැත.
දේහය ගොඩගැනීම මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. එම ස්ථානය කළු පැහැති ඉටිකොළ වලින් ආවරණය කර
තිබුණ නිාස දුරක සිට වුවත් මාධ්‍යයට එහි ඡායාරූප ලබාගන්නට අවස්ථාවක් ලැබුනේ නැත.
කොළඹ අංක දෙක මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ මෙම දේහය ගොඩගැනීම සිදු කර වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍ය කොටස් රැගෙන යන ලදි. මාධ්‍ය වේදීන්ට මෙහිදී ඡායාරූප ගන්නට අවස්ථාවක් නොලද අතර දිරාගිය ශරීර කොටස් රැගෙනයාමෙන් පසු හිස්වූ සොහොනට යාමට අවස්ථාව ලැබුණි.
COMMENTS