මෙරටදී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරයට සහභාගී වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ...
මෙරටදී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරයට සහභාගී වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.
මෙරටට පැමිණීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් ඇය පිළිගත්තේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරයට සහභාගී වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ පූනම් චෙත්‍රපාල්සිං මහත්මිය ද පසුගිය දෙවැනිදා දිවයිනට පැමිණියාය
COMMENTS