හදිසි මැතිවරණයකට මුහුණදීම සඳහා මැතිවරණ කොමිසම සිය කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. රට පුරා ඡන්ද මධ්‍යස්‌ථාන තේරීම හා ඒවා පරීක්‍ෂා කිරීමේ කටය...
හදිසි මැතිවරණයකට මුහුණදීම සඳහා මැතිවරණ කොමිසම සිය කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
රට පුරා ඡන්ද මධ්‍යස්‌ථාන තේරීම හා ඒවා පරීක්‍ෂා කිරීමේ කටයුතු මීට දින කීපයකට පෙර ආරම්භ කළ බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම පාසල් නිවාඩු කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණ රාජකාරි සඳහා යොදවනු ලබන නිලධාරීන් පිළිබඳ සංගණනයක් සිදුකොට නිලධාරි ලැයිස්‌තු සකස් කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. මැතිවරණ කොමිසමේ මෙහෙයවීම මත දිස්‌ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් මෙම වැඩ කටයුතු සිදුකරනු ලබයි.
පළාත් පාලන මැතිවරණය, පළාත් සභා තුනක මැතිවරණය හා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට නියමිතය.
මෙම මැතිවරණ අතුරින් කුමන මැතිවරණයක් ආවත් එය සාර්ථකව පැවැත්වීම සඳහා සිය කොමිෂන් සභාව මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙන බව එම ආරංචි මාර්ග පැවසී ය.
ජනමත විචාරණය හදිසියේ පැවැත්වීමට සිදුවුවහොත් මෙතෙක් ඒ සඳහා මුදල් වෙන්කර නැතත් රජයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබාගත හැකි බව වාර්තා වේ.
COMMENTS