ආනයනික බොරතෙල් වලින් නිපදවන ඉන්ධන ලීටරයකට රුපියල් 10ක විශේෂ නිෂ්පාදන බද්ධක් පැනවීම නිසා ඛනිජ තෙල් සංස්ථාවට වසරකට රුපියල් කෝටි 3,000ක පාඩුවක...
ආනයනික බොරතෙල් වලින් නිපදවන ඉන්ධන ලීටරයකට රුපියල් 10ක විශේෂ නිෂ්පාදන බද්ධක් පැනවීම නිසා ඛනිජ තෙල් සංස්ථාවට වසරකට රුපියල් කෝටි 3,000ක පාඩුවක් සිදුවන බව වාර්තා වේ.
ඉන්ධනවල සිල්ලර මිල වැඩි නොකොට මෙසේ බදු වැඩිකිරීම නිසා මේ පාඩුව විඳින්නට සිදුව තිබේ.
මේ බදු වැඩිකිරීම සිදුකර ඇත්තේ ඛනිජ තෙල් විශයභාර අමාත්‍යවරයාගෙන්ද නොවිමසා බව පැවසේ.
අදාළ බදු වැඩි කිරීම සිදුකරනු ලැබුවේ මුදල් අමාතයංශයේ නිර්දේශයකට අනුව වන අතර එම බදු වැඩිකිරීමට විශය භාර ඇමතිවරයා සිය විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.
මෙතෙක් නිෂ්පාදිත ඉන්ධන ලීටරයකින් අයකළේ රුපියල් 3ක බද්ධකි.
COMMENTS