දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිප ප්‍රශ්නවලට එජාපය ගෑවෙන්නෙ නෑ - රනිල්ගෙන් මෛත්‍රීට සහතිකයක්.
Homeදේශපාලන

ශ්‍රීලනිප ප්‍රශ්නවලට එජාපය ගෑවෙන්නෙ නෑ - රනිල්ගෙන් මෛත්‍රීට සහතිකයක්.

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් සඳහා එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම මැදිහත් වීමට බලාපොරොත්තු නොවන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් සඳහා එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම මැදිහත් වීමට බලාපොරොත්තු නොවන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහතික වී ඇති බව එජාප ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය අතර වන ගැටුම්කාරී තත්ත්වය උපයෝගී කරගෙන ශ්‍රීලනිපය දෙකඩ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණය කරමින් සිටින බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබිණි.

එමෙන්ම ශ්‍රීලනිපයෙන් වෙන්ව නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛව විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් ගෙන යන වැඩපිළිවෙළ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුවත්භාවය අනුව සිදුවන්නක් විය හැකි බවට ද තොරතුරු වාර්තා වී තිබිණි.

මහින්ද පාර්ශ්වය සමඟ එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා ආරම්භ වන සෑම විටම රාජපක්ෂ පවුලේ අයකු අත්අඩංගුවට ගෙන එම සාකච්ඡා කඩාකප්පල් කිරීම සඳහා අගමැතිවරයා සූක්ෂ්මව කටයුතු කරන බවට ඇතැම් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් චෝදනා කර තිබිණි.

ඒ කෙසේ නමුත් තමන් ශ්‍රීලනිපය දෙකඩ කිරීම සඳහා කටයුතු නොකරන බවත් ශ්‍රීලනිපය සමඟ ඉදිරි අවුරුදු 5ක් සම්මුතික ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යන බවත් ජනාධිපතිවරයාට අවධාරණය කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් ඉල්ලා ඇත. 

පසුගිය 06 වන දා එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එම ප්‍රධානීන් සහ තවත් අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ලේ වෝටර්ස් එජ් උත්සව ශාලාවේ භෝජන සංග්‍රහයක් පැවැති අතර ඒ සඳහා බණ්ඩාරනායක මහත්මිය ද සහභාගී වී සිටියා ය. එම අවස්ථාවේ දී අගමැතිවරයා හා බණ්ඩාරනායක මහත්මිය අතර වූ කතා බහ අතරතුර දී මෙම ඉල්ලීම කර ඇත.

මෙහි දී ජනතාව හමුවේ පොරොන්දු වූ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඉටු කිරීම තමාගේ මූලික ආභිලාෂය වන බවත් එහි දී ශ්‍රීලනිපය දෙකඩ කිරීමෙන් ජනාධිපතිවරයා දුර්වල වුවහොත් අභිලාෂයට බාධාවක් මිස යහපතක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපතිවරයාට මෙවර එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන ලෙස අගමැතිවරයා කළ ආරාධනය බාර ගත්තේ ජනාධිපතිවරණයේ දී ඔහු වෙත ලබා දුන් සහයෝගයට කෘතගුණ සැලකීමක් ලෙස බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පැවසීය. කෙසේ නමුත් පසුගිය ශ්‍රීලනිප සංවත්සරයේ දී ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව මහින්දවාදී පිරිස ජනාධිපතිවරයාට එරෙහිව ගොඩනැගූ සියලු කාරණාවලට පිළිතුරු ලැබීම මත ශ්‍රීලනිපයේ අර්බුදය ඉතා ඉක්මනින් විසඳෙනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. එළඹෙන මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපයේ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා වන ඉලක්කය ජනාධිපතිවරයා විසින් සියලු ශ්‍රීලනිප සාමාජිකත්වය වෙත සහතික කොට ලබා දීම තුළ වත්මන් සම්මුතික ආණ්ඩුවට ශ්‍රීලනිපය සම්බන්ධ වී සිටීම ගැන මහින්දවාදීන් නැගු විරෝධය ද මේ වන විට යටපත්ව තිබේ.

- සුභාෂ් ජයවර්ධන
SathHanda

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිප ප්‍රශ්නවලට එජාපය ගෑවෙන්නෙ නෑ - රනිල්ගෙන් මෛත්‍රීට සහතිකයක්.
ශ්‍රීලනිප ප්‍රශ්නවලට එජාපය ගෑවෙන්නෙ නෑ - රනිල්ගෙන් මෛත්‍රීට සහතිකයක්.
http://ift.tt/2bZceTu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_115.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_115.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy