අමෙරිකානු ඩොලර් 45000 ක් (රුපියල් ලක්ෂ 67ක්) නීති විරෝධීව මාල දිවයිනට රැගෙන යාමට උත්සහ කළැයි කියන මාලදිවයින් ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ...
අමෙරිකානු ඩොලර් 45000 ක් (රුපියල් ලක්ෂ 67ක්) නීති විරෝධීව මාල දිවයිනට රැගෙන යාමට උත්සහ කළැයි කියන මාලදිවයින් ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
අද(04) උදෑසන කුවේට් ගුවන් සේවයට අයත් යානයකින් මාලදිවයින බලා යාමට පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි මාලිදිවයින් ජාතිකයෙකු බව වාර්තා වේ.
සැකකරු සිය ගමන් මල්ලේ සගවා අමෙරිකානු ඩොලර් 45,000 ක මුදලක් රේගුවට ප්‍රකාශ නොකර මාලදිවයින බලා රැගෙනයාමට උත්සහ කර තිබේ.
එහිදී ගුවන් තොටුපොළ රේගුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ටී.කේ.ජී. කපිල
COMMENTS