මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියළු සිසුන්ගේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලෙස රජයේ වෛ...
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියළු සිසුන්ගේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතාට අභියෝග කරයි.
ඒ, ඊයේ (09) අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙරට රජයේ වෛද්‍ය පීඨයන්ට වඩා ඉහළ ප්‍රමිතියකින් යුතු බවත් එහි අධ්‍යාපනය ලබන සිසුන්ගේ උසස් පෙළ විභාග ප්‍රතිඵල රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කොට තිබුණි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියාසිටින්නේ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සත්‍යය වන්නේ නම් පසුගිය රජයේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය වසර ගණනාවක් දැරූ ඔහු මෙරට විශ්වවිද්‍යාල පත්ව ඇති තත්ත්වයට වගකිව යුතු බවයි.
එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හෑල්ලුවට ලක් කරන මෙවන් අමාත්‍යවරුන් පිළිබඳ ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
වීඩියෝව පහතින්.
COMMENTS