දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ වැඩ ගැන අමෙරිකාවෙන් ප්‍රශංසා
Homeප්‍රවෘත්ති

රජයේ වැඩ ගැන අමෙරිකාවෙන් ප්‍රශංසා

PropellerAds

යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යාන්ත්‍රණය සම්බන්ධයෙන් හා නව ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙහි අවධානය යොමුකොට...

තෙවරප්පෙරුමට හා හේෂාට ඇප
දිනේෂ් නව සභා නායක ධුරයේ වැඩ අරඹයි
ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකියි - අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියයි
රජයේ වැඩ ගැන අමෙරිකාවෙන් ප්‍රශංසා

යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යාන්ත්‍රණය සම්බන්ධයෙන් හා නව ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙහි අවධානය යොමුකොට සියලු ජාතීන්ට එක හා සමානව සැලකීමට දරන උත්සාහය සම්බන්ධයෙන් අමෙරිකානු රජය බෙහෙවින් සතුටු වන බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා ඊයේ (15) සවස යාපනයේදී පැවසීය.

අමෙරිකානු රජයේ ආධාර මත යාපනයේ ඉඩෙයිකාඩු පළාතේ වෛද්‍ය සායනයක් පැවැත්වීම සදහා ඊයේ යාපනයට පැමිණි අමෙරිකානු තානාපතිවරයා යාපනයේදී ප්‍රභූවරුන් ඇතුලු විශාල පිරිසක් හමුවිය.

ඒ අනුව උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයාව, සභාපතිවරයා සහ සෙසු අමාත්‍යවරුන් ද හමු වූ අමෙරිකානු තානාපතිවරයා පසුව යාපනයේ සෙසු දේශපාලනඥයින්, දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ද හමු වී තිබේ.

යාපනයේදී මහජනතාව අමතමින් අමෙරිකානු තානාපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් ශක්තිමත් වෙමින් එළඹෙන ප්‍රශ්න වලට මුහුණදීම පිණිස යොදන ක්‍රියාමාර්ගයන් අගය කළ හැකි බවයි.

එමෙන්ම සෙසු දේශපාලන පක්ෂ විසින් ඊට ලබාදෙන සහය අගය කළ තානාපතිවරයා එහිදී දෙමළ දේශපාලන පක්ෂවල ක්‍රියාවන් ගැනද අගය කරමින් ප්‍රශංසා කොට තිබේ.

ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර සබඳතාවයන් වසර ගණනාවක් දක්වා දිවයන බවත් යාපනයේ ජනතාව හා අමෙරිකානු ජනතාව අතර සම්බන්ධතා වසර 200කට වඩා පැරණි යැයි ද අතුල් කේෂාප් තානාපතිවරයා මෙහිදී පැවසීය.

මේ දීර්ඝ ඉතිහාසය ඔස්සේම අමෙරිකාව ශ්‍රී ලංකාවට නිරන්තරයෙන්ම උදවු උපකාර කොට ඇති බව පෙන්වාදුන් අමෙරිකානු තානාපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික සංස්කෘතික හා සාමාජීය කටයුතු වෙනුවෙන් උපකාර කරන බවද පවසා ඇත.

නමුත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් මහතා ප්‍රකාශ කරන්නේ අමෙරිකානු තානාපතිවරයාගේ යාපනය සංචාරයෙන් සිදුවුණු කිසිම යහපතක් නොමැති බවයි.

උතුරු පළාත් සභාවේ පිරිස උතුරේ ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම පිණිස ආධාර කරන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු නිහඩව සිටි බවත් සෙසු ප්‍රශ්න ඉදිරිපත් කළ අවස්ථාවේදී තානාපතිවරයා ඒ වෙනුවෙන් කිසිම පොරොන්දුවක් නොවූ බවත් සභාපතිවරයා කියා සිටියේය.

උතුරු පළාත් සභාව විසින් නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් රජයට ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ පිටපතක් අමෙරිකානු තානාපතිවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ රජයට ඒ වෙනුවෙන් කාලයක් අවශ්‍ය බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව රජය පැවසුවත් එසේ නොකළ බවද යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මටටමේ පරීක්ෂණයක අවශ්‍යතාවය ගැනද තවත් කරුණු රැසක් පිළිබදව ද ඇමරිකනු තානාපතිවරයාව දැණුවත් කළත් ඔහු ඒ පිළිබදව ස්ථිර යමක් ප්‍රකාශ නොකළ බවද උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29329,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ වැඩ ගැන අමෙරිකාවෙන් ප්‍රශංසා
රජයේ වැඩ ගැන අමෙරිකාවෙන් ප්‍රශංසා
http://ift.tt/2aWX0UL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_967.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_967.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy