පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වන බව පුනරුත්ථාප...
පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා ප්‍රකාශ කරයි.
කොමසාරිස්වරයා සඳහන් කළේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමේ දී සියල්ලන් සමඟ සහජීවනයෙන් කටයුතු කළ බවත් කිසිදු අවස්ථාවක ඔවුන්ගේ ශරීරවලට විෂ එන්නත් කිරීමට අවශ්‍යතාවක් ඇතිනොවු බවත්ය.
පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවට වන යෝජනාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතා විසින් පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කර තිබුණි.
එම යෝජනාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ජාත්‍යන්තර වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් එම පරීක්ෂණය සිදුකළ යුතු බවයි.
මුලතිව් දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ටී.රවීහරන් මහතා විසින් සකස් කර ඇති එම යෝජනාව ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා විසින් මෙලෙස උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
ටී. රවීහරන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් විශාල පිරිසක් මේ වන විට හඳුනානොගත් රෝගයකින් පෙළෙන බවත් එවන් සාමාජිකයින් 107දෙනෙකු හඳුනානොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.
එම හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගත කර ඇති බවට දෙමළ ජනතාව විසින් සිදුකරන චෝදනා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට යෝජනාවක් පළාත් සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
COMMENTS