ලබන සතිය තුළ දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමු වන බව රජයේ පශු වෛද්‍ය නිළධාරි සංගමය පවසයි. ඒ අනුව ලබන 09 සහ 10 වන දිනවල වර්ජනය ක්‍රියාත්මක කරන...
ලබන සතිය තුළ දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමු වන බව රජයේ පශු වෛද්‍ය නිළධාරි සංගමය පවසයි.
ඒ අනුව ලබන 09 සහ 10 වන දිනවල වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ පශු වෛද්‍ය නිළධාරි සංගමයේ උප සභාපති එස්.ඒ සීලනාථ මහතා පවසයි.
වසර කිහිපයක සිට තම ඉල්ලීම් ඉටු කිරීමට රජය අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම, පරිපාලන සේවයේ වැටුප් පිහිටුවීම ආදී ගැටලූ රැසක් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළද ඊට නිසි විසඳුම් නොලැබීම මෙලෙස වැඩවර්ජනයකට එළැඹීමට හේතු වූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය පී.එල්.කුමාරවඩු ප්‍රකාශ කළේය.
COMMENTS