යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට්ට ලබන 31 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය අද නියෝග ...
යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට්ට ලබන 31 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය අද නියෝග කළාය.
ගල්කිස්සේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එෆ්සීඅයිඩියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරිය ඇයට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළාය.
නීතිඥවරුන් සමග අද (26) ඇය අධිකරණයේ පෙනී සිටියාය. නීතිඥවරුන් කියා සිටියේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය අනුව අගෝස්තු 31 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට හැකිවනු ඇති බවයි.
එසේම ඔස්ට්‍රේලියා ජාතිකයකුගේ රුපියල් කෝටි 11ක කොටස් වංචා සහගතව හිමිකරගත්තැයි මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපතිට විමර්ශන වාර්තාවක් යවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද උපදෙස් දුන්නාය.
COMMENTS