ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අය යහපාලනයට ද ආදරය කළ යුතු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අය යහපාලනයට ද ආදරය කළ යුතු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා බණ්ඩාරවෙල, හාපත්ගමුව පාලමට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගීවෙමිනි.
මෙම උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ජනවාරි අටවෙනිදට කළින් මම ආණ්ඩුවෙන් අයින්වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය දෙන අභියෝගය බාරගත්තා. සමහර උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාට සහය දුන්නා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. අපි මේ යථාර්තය තේරුම්ගන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අය යහපාලනයටත් ආදරය කරන්න ඕන. ජනමතය අනුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වුනේ. ඒ නිසා තමයි අපි සම්මුති ආණ්ඩුවක් හැදුවේ. හැබැයි ඊළඟ ඡන්දෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලන්නේ අපේ ආණ්ඩුවක් හදන්න. එක්සත් ජාතික පක්ෂය බලන්නේ එයාලගේ ආණ්ඩුවක් හදන්න. ඒ වෙනකම් අපි ඇන කොටා ගත්තොත්, අපිට මේ ගමන යන්න බෑ. මේ ආණ්ඩුව ගෙනියන්නත් බෑ. අපි සත්භාවයෙන් එකට වැඩකරන්න ඕන. මගේ ගමනේදී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, එක්සත් ජාතික පක්ෂය ද, කියලා බලන්නේ නෑ. මගේ අමාත්‍යංශයෙන් සියළුම දෙනාට එක හා සමානව ප්‍රතිපාදන වෙන්කරනවා. අපි අවංකව මේ ගමන යන්න ඕන. එහෙම නැත්නම් මේ රටේ බලාපොරොත්තු වෙච්ච වෙනස ඇතිකරන්න බෑ.“
COMMENTS