ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ මැදට පැමිණ කළ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තැබීමට කත...
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ මැදට පැමිණ කළ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තැබීමට කතානායක කරු ජයසූරිය මහතා අද(11) කටයුතු කළේය.
අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතේ ඡන්ද විමසුම හෙට (12) පැවැත්විමට නියමිත අතර එම ඡන්ද විමසුම හෙට නොපවත්වා අගෝස්තු මස තෙවැනි සතියේදී පවත්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පැවැසීමත් සමග පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංවිධානය ඡන්ද විමසිම හෙට පැවැත්වීමට එකග වී තිබේ.
පනත් කෙටුම්පත හෙට දිනත් විවාද කිරීමෙන් අනතුරුව පෙ.ව. 11.00ට ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බවත් ඊට විරෝධය දකවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
එහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකක් එකඟතාවයකට පැමිණි බවය.
මේ සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, මෙය රජයේ හදිසි කටයුත්තක් ලෙස සළකා කටයුතු කරන බවත් පක්ෂ නායකයන් ගත් තීරණයක් තමාට වෙනස් කිරීමට නොහැකි බවත් ය.
ඉන් පසු සභා ගර්භය මධ්‍යයට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පැමිණි අතර, කතානායකවරයා ආපසු තම ස්ථාන වෙත යන ලෙස උපදෙස් ලබාදෙන ලදී. ඉන් අනතුරුව කතානායකවරයා, සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේ ය.
COMMENTS